Home » මාවුස්සාකැලේ ජලාශ රක්ෂිතයේ ගින්නක්

මාවුස්සාකැලේ ජලාශ රක්ෂිතයේ ගින්නක්

by manjula
February 10, 2024 1:00 am 0 comment

මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශ රක්ෂිතයේ සමන් දේවාලය ඉදිරිපිට ටර්පන්ටයින් කැලයේ පෙරේදා (08) පස්වරුවේ ඇති වූ ගින්නක් පැතිර යෑම වළක්වමින් නිවා දැමීමට මාවුස්සාකැලේ ජලාශයේ රාජකාරි කටයුතුවල නිරතව සිටින පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් හා ප්‍රදේශවාසීහු පියවර ගත්හ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ ඇතැම් සංවිධානාත්මක පිරිස් වන සතුන් දඩයම් කිරීමේ අරමුණින් රක්ෂිතයන්ට හා ජල පෝෂක ප්‍රදේශවල මානා පතන්වලට ගිනි තැබීම ආරම්භ කර තිබේ. ඒ අනුව ඇති වූ මෙම ගින්න මහත් පරිශ්‍රමයක් දරා තම කණ්ඩායම විසින් වහා නිවා දැමීමට පියවර ගත් බවත්, එසේ නොවුණේ නම් පවතින දැඩි වියළි කාලගුණය හා සුළං තත්ත්වය හේතුවෙන් රක්ෂිතයේ අක්කර ගණනක් ගින්නෙන් විනාශ වීමට ඉඩ තිබුණු බවත් පොලිස් ජීවිතාරක්ෂක විශේෂ රාජකාරි කටයුතුවල නිරතව සිටින පොලිස් සැරයන් ප්‍රසන්න (38935) මහතා පැවසීය.

මස්කෙළිය සමූහ – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT