612
ගිරාඳුරුකොට්ට රත්කිඳ මාර්ගයේ කෝසුව හරහා ගමන් කිරීමේදී සිදු වන ජල අනතුරු අවම කර ගැනීම සඳහා එම ස්ථානයේ දෙපස මාර්ග බාධක 2ක් සවි කිරීමට පෙරේදා (08) පියවර ගත් බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ. එම්. එල්. උදයකුමාර මහතා පැවසීය.
මෙම කෝසුව මඟින් පසුගිය කාලයේ පැවති අධික වර්ෂාවත් සමඟ විශාල ජල පහරක් ගලාගෙන යන අවස්ථාවන්වලදී ඒ පිළිබඳව තැකීමක් නොකර ඒ හරහා ගමන් ගැනීමට උත්සාහ කිරීමෙන් පුද්ගලයන් කිහිප දෙනකුම ජල පහරට හසුව ගසාගෙන යෑමෙන් අනතුරට ලක් වූ බවද ඒ මහතා සඳහන් කළේය.
බදුල්ල – නිශාන්ත අබේගුණවර්ධන, සොරණාතොට සමූහ – සී. ගමගේ