Home » කෝවිල හදන්න ලැබුණු කෝටි 5ත් අරන් පූසාරි මාරු

කෝවිල හදන්න ලැබුණු කෝටි 5ත් අරන් පූසාරි මාරු

by manjula
February 10, 2024 1:00 am 0 comment

යාපනයේ කොකුවිල් පොල්පති පිල්ලයාර් කෝවිලේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා විදේශ රටවල සිට එවන ලද රුපියල් කෝටි පහකට වැඩි මුදලක් රැගෙන ඒ කෝවිලේ පූසාරිවරයා දින කිහිපයක සිට අතුරුදන්ව ඇතැයි කොකුවිල් ප්‍රදේශවාසීහු පැවසූහ.

එම පැරණි කෝවිල ප්‍රතිසංස්කරණය කිරීමට කෝවිල් භාරකාර මණ්ඩලය තීරණය කිරීමෙන් අනතුරුව පූසාරිවරයා ඒ බව විදේශ රටවල සිටින හින්දු බැතිමතුන්ට හා හින්දු සංගම්වලට දැනුම් දී තිබේ. මෙම කෝවිල ඉතා ප්‍රසිද්ධ කෝවිලක් බැවින් විදෙස් රටවල සිටින පිරිස් ලක්ෂ ගණනින් මුදල් පූසාරිවරයා වෙත එවා තිබිණ. පූසාරිවරයා නැකැත් බලා එම කෝවිලේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කොට ඇත්තේ කෝවිලේ විශාල බිත්ති කිහිපයක් ද කඩා දමමිනි.

ප්‍රතිසංස්කරණ කටයුතුවලට සහභාගි වූ පිරිසට එදිනට මුදල් ගෙවූ පූසාරිවරයා පසුදින සිට අතුරුදන්ව සිටින අතර, ඔහුගේ ජංගම දුරකතන දෙක ද ක්‍රියා විරහිත කොට ඇති බව ගම්වැසියෝ ප්‍රකාශ කළහ. මේ පිළිබඳව ප්‍රදේශවාසීන් කොකුවිල් පොලිසියට පැමිණිලි කර තිබේ.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT