Home » ඔක්ස්ෆර්ඩ් ජනාධිපති කුසලාන පාපන්දු තරගාවලිය ඇරඹෙයි

ඔක්ස්ෆර්ඩ් ජනාධිපති කුසලාන පාපන්දු තරගාවලිය ඇරඹෙයි

by manjula
February 10, 2024 12:30 am 0 comment

කොළඹ හමීඩ් අල් හුසේනි විදුහල් 80 කාණ්ඩායම විසින් සංවිධාන කරන 14 වැනි ඔක්ස්ෆර්ඩ් ජනාධිපති කුසලාන අන්තර් පාසල් ආරාධිත පාපන්දු තරගාවලිය පසුගියදා ආරම්භ විය.

මේ 18 වැනිදා දක්වා තරගාවලියේ මූලික තරග සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, අවසන් මහා තරගය ලබන මස 10 වැනිදා කොළඹ 7, තුරඟ තරග පිටියේදී පැවැත්වේ.

මේ තරගාවලියට කොළඹ ආනන්ද, දි මැසනොද්, අලිගාර් මධ්‍ය විදුහල, සාන්ත බෙනඩික්ට්, සාන්ත මේරි, මාරිස්ටෙලා, හමීඩ් අල් හුසේනි, බදුරිය මධ්‍ය විදුහල, සාන්ත ජෝසප්, සාන්ත පීතර, ගේට්වේ, වෙස්ලි, සාන්ත තෝමස්, රාජකීය, අල් මුබාරක්, දරුස්සලාම්, ඉසිපතන, ධර්මදූත, අල් හිලාල් මධ්‍ය විදුහල සහ අල් හුමයිසාරා විදුහල එක්ව සිටී.

තරගාවලිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹ පාපන්දු සම්මේලන ශ්‍රවණාගාරයේදී පැවති අතර, එහිදී තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහක ඔක්ස්ෆර්ඩ් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරුන් වන ඉමිතියාස් ෆාරුක් සහ හිෆාස් ෆාරුක් මහත්වරුන් විසින් අනුග්‍රාහකත්වය හමීඩ් අල් හුසේනි විදුහලේ විදුහල්පති එම්.ආර්.එම්. රිස්කි මහතා වෙත ප්‍රදානය කළහ.

80 කණ්ඩායමේ සභාපති ෆයිසාල් බුහාරි, ලේකම් ෆස්මින් ෆායිස් සහ තරගාවලි කමිටු සභාපති මුජීබ්දීන් රහ්මාන් යන මහත්වරුන් ද මේ අවස්ථාවට සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT