පාකිස්තානයේ කාන්තාවන්ගෙන් 90% ක්ම කිසිදු ක්‍රීඩාවක හෝ ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත නොවන බව එරට පර්යේෂණ වාර්තාවකින් අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. පාකිස්තානයේ භෞතික විද්‍යාඥයකු සහ පර්යේෂකයකු වන මොහොමඩ් අද්නාන් විසින් සිදු කරනු ලැබූ පර්යේෂණයකට අනුව එරට කාන්තාවන් ක්‍රීඩාවේදී මුහුණ පාන ලිංග භේදය සහ ලිංගික හිංසනය, ස්ත්‍රී පුරුෂභේදය සහ ක්‍රීඩිකාවන් පිළිබඳ රජයේ අවධානය පහළ මට්ටමක පැවතීම වැනි කරුණු රැසක් ඊට හේතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
අවස්ථාවන් නොලැබීම සහ අඩු පහසුකම් එරට කාන්තා ක්‍රීඩා ක්ෂේත්රය කරා තරුණියන් යොමු වීම පහත වැටී ඇතැයි ද, සංස්කෘතික හා සමාජයීය බාධක හේතුවෙන් ඕනෑම ක්‍රීඩාවක නිරතවන පාකිස්තාන කාන්තාවන්ගේ සහභාගිත්වය 10% ක ප්‍රතිශතයක් තරම් අවම මට්ටමකට වැටී ඇතැයි ද සඳහන් වේ.
මේ වන විට බංග්ලාදේශයේ ඩකා අගනුවර පැවැත්වෙන අවුරුදු 19න් පහළ දකුණු ආසියාතික කාන්තා පාපන්දු තරගාවලියට ද පාකිස්තාන කණඩායමක් සහභාගි නොවන අතර, එරට කාන්තා පාපන්දු ක්‍රීඩාවට රජයේ අනුග්‍රහය හෝ දායකත්වය නොලැබීමත්, යොවුන් ක්‍රීඩිකාවන්ගේ දස්කම් සංවර්ධනය කිරීමට පියවර නොගැනීමත් හේතුවෙන් එම තත්ත්වය උදා වූ බව ද වාර්තා වේ.