Home » ඔස්ට්‍රේලියාව විස්සයි20 දිනයි

ඔස්ට්‍රේලියාව විස්සයි20 දිනයි

by manjula
February 10, 2024 12:30 am 0 comment

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ පැවති පළමු විස්සයි20 තරගය ලකුණු 11කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

ඊයේ හොබාර්ට්හිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ඔස්ට්‍රේලියාව දුන් ලකුණු 213ක ඉලක්කය හමුවේ කොදෙව් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 202ක් පමණි.

බ්‍රැන්ඩන් කිං සහ ජොන්සන් චාල්ස් පන්දු 52කින් ලකුණු 89ක් රැස් කරමින් කොදෙව් පිළිතුරු ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් අතර, ලකුණු 22ක් තුළ මැද පෙළ කඩුලු 5ක් බිඳ වැටීම පරාජයට හේතු විය. කිං පන්දු 37කින් ලකුණු 53ක් සහ චාල්ස් පන්දු 25කින් ලකුණු 42ක් රැස් කළහ. කෙසේ වෙතත් ජේසන් හෝල්ඩර් පන්දු 15කින් නොදැවී ලකුණු 34ක් රැස් කරමින් කණ්ඩායමට ජය ගෙන ඒමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.

පන්දු යැවීමේදී ඇඩම් සම්පා කඩුලු 3ක් සහ මාකස් ස්ටොයිනිස් කඩුලු 2ක් බිඳ දැමූහ.

පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු පිල වෙනුවෙන් වේගවත් ඉනිමක නිරත වූ ඩේවිඩ් වෝනර් ලකුණු 70ක් රැස් කළේ පන්දු 36කිනි. ජොෂ් ඉන්ග්ලිස් සමඟ එක්ව පළමු කඩුල්ලට පන්දු 48කින් ලකුණු 93ක් එක් කිරීමට ද ඔහු සමත් විය. ඉන්ග්ලිස් ලකුණු 39කට දැවී ගිය අතර, ඉනිම අවසානයේ වේගවත් පිතිහරඹයක නිරත වූ ටිම් ඩෙවිඩ් නොදැවී ලකුණු 37ක් රැස් කළේ පන්දු 17කිනි. පන්දු යැවීමේදී ඇන්ඩ්‍ර රසල් කඩුලු 3ක් සහ අල්සාරි ජෝෂප් කඩුලු 2ක් දවා ගත්හ.

දෙපිල අතර දෙවැනි විස්සයි20 තරගය හෙට (11) ඇඩිලේඩ්හිදී පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT