Home » පාකිස්තාන මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතරය නෑ

පාකිස්තාන මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතරය නෑ

by sachintha
February 12, 2024 1:12 am 0 comment

අවසන් ප්‍රතිඵලයට අනුව ඉම්රාන්ගේ නියෝජිතයෝ පෙරමුණේ

පාකිස්තාන මහමැතිවරණයේ අවසන් ප්‍රතිඵලයට අනුව කිසිදු පක්ෂයකට රජයක් පිහිටුවීමට අවශ්‍ය ආසන සංඛ්‍යාවක් ජය ගැනීමට නොහැකි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එසේ වුවද දැනට සිරගතවී සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ ස්වාධීන අපේක්ෂකයන් ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඊයේ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිකුත් කරමින් එරට මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත්තේ පාර්ලිමේන්තු ආසන 265න් 101ක් ස්වාධීන අපේක්ෂකයන්ට හිමි වී ඇති බවය. එම අපේක්ෂකයන්ගෙන් 93 දෙනකු ඉම්රාන්ගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ නියෝජිතයන් බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. නවාස් ෂරීෆ්ගේ පාකිස්තාන මුස්ලිම් ලීගයේ නවාස් පාර්ශ්වයට හිමි වී ඇත්තේ ආසන 75ක් බව ද වාර්තා වේ.

ඉම්රාන්ගේ පක්ෂය මෙන්ම නවාස් ෂරිෆ්ගේ පක්ෂය ද රජයක් පිහිටුවීමට සූදානම් බව නිවේදනය කර ඇති අතර, මැතිවරණයෙන් තුන්වැනි ස්ථානයට වැඩිම ආසන සංඛ්‍යාවක් ජයගත් පාකිස්තාන ජනතා පක්ෂයේ නායක බිල්වාල් භූතෝ සඳහන් කර ඇත්තේ හවුල් ආණ්ඩුවක් සඳහා ඉම්රාන්ගේ පක්ෂය සමඟ හෝ නවාස් ෂරිෆ්ගේ පක්ෂය සමඟ මෙතෙක් කිසිදු සාකච්ඡාවක් නොපැවැත්වූ බවය. මේ අතර ආසන 17ක් දිනා ගැනීමට සමත් වී ඇති කරච්චි නුවර කේන්ද්‍ර කරගත් මුතහිබා ක්වාමි ව්‍යාපාරය නමැති දේශපාලන පක්ෂයට ඕනෑම පාර්ශ්වයක හවුල් ආණ්ඩුවක තීරණාත්මක සාධකයක් බවට පත්වීමේ හැකියාව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x