Home » පිම්මේ ආ මෝටර් රිය යතුරුපැදි 3ක් කුඩුපට්ටම් කරයි

පිම්මේ ආ මෝටර් රිය යතුරුපැදි 3ක් කුඩුපට්ටම් කරයි

-යතුරුපැදිවල ආ පස් දෙනාටම බරපතළයි

by sachintha
February 12, 2024 3:43 am 0 comment

රත්නපුර නව නගරයේ කුමරු විදුහල ආසන්නයේ දී දී ඊයේ (11) පස්වරු 5.30ට පමණ මෝටර් රථයක් යතුරුපැදි තුනක් කුඩු පට්ටම් කරමින් සිදුවුනු දරුණු අනතුරකින් එම යතුරුපැදි වල ගමන් ගත් ගමන්ගත් පුද්ගලයන් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

මෙම මෝටර් රථය කුරුවිට දෙස සිට රත්නපුර දෙසට පැයට කිලෝ මීටර් 100 පමණ අධික වේගයකින් ගමන්කර ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, අනතුරු සිදු වූ ස්ථානයේ ඇති වංගුවේ දී රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දෙසට ගමන්කර රත්නපුර දෙස සිට කුරුවිට දෙසට ගමන් කරමින් තිබූ එම යතුරුපැදි තුන යට කරමින් නතර වී ඇත.

මෙම අනතුර සිදු වූ අවස්ථාවේදී යතුරුපැදිවල ගමන් කරමින් සිටි පුද්ගලයන් පස් දෙනා දරුණු තුවාල ලබා මාර්ගයේ සී සී කඩට විසිව ගොස් ඇති අතර මෝටර් රථයේ සිටි රියදුරු හා එහි සිටි තවත් කිහිප දෙනෙකු එම ස්ථානයෙන් ඒ මොහොතේම පලාගොස් ඇත. එම අවස්ථාවේදී එහි සිටි කිහිප දෙනෙකු පැවසුවේ මෙම මෝටර් රථයේ රියදුරු මත් පැන් පානය කර සිටි බවට නිරීක්ෂණය වූ බවයි.

රත්නපුර පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස්ප පරීක්ෂක දිල්රුක් සංජීව මහතා ඇතුළු පිරිස වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

කේ. ඒ. සුනිල් – කුරුවිට

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x