Home » ෂෙල්- ආර්.එම්.පාක්ස් සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සමඟ ගිවිසුමක්

ෂෙල්- ආර්.එම්.පාක්ස් සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සමඟ ගිවිසුමක්

by sachintha
February 13, 2024 1:00 am 0 comment

ෂෙල්- ආර්.එම්.පාක්ස් (Shell-RM Parks) සමාගම සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (CPSTL) ඛනිජතෙල් තොග ගබඩා හා බෙදා හැරීමේ ගිවිසුමට එළඹෙයි.

දේශීය ඉන්ධන වෙළෙඳ ක්ෂේත්‍රය විදේශීය ආයෝජකයන් සඳහා විවෘත කිරීමෙන් අනතුරුව මෙරට ආයෝජනය සඳහා කටයුතු කළ අමෙරිකානු මූලයක් සහිත සමාගමක් වන, ෂෙල්- ආර්.එම්.පාක්ස් (Shell-RM Parks) සමාගම සහ ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම, ඉන්ධන ගබඩා හා බෙදා හැරීමේ ගිවිසුමකට එළඹීම ඊයේ (12) කොළොන්නාව, ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම් ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිණි.

මේ අනුව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට, ෂෙල්-ආර්.එම්.පාක්ස් සමාගමට අයත් ඉන්ධන තොග මෙරට තුළ ගබඩා කිරීම හා බෙදා හැරීම ආශ්‍රිත කටයුතු සඳහා ප්‍රතිපාදන සැලසෙනු ඇත. ඉකුත් (2023) වසරේ ජුලි මස 08 වැනි දින ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම හා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය එක්ව පූර්ව එකඟතා ගිවිසුමකට අත්සන් තැබූ අතර, අදාළ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු කඩිනමින් ඇරඹීම සඳහා විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතාගේ උපදෙස් මත මේ ගිවිසුම් ගතවීම සිදුව තිබේ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT

Hutch Hutch
x