වලගම්බා රජ සමයේ සිට පවත්වා ගෙන යන වේයන්ගොඩ වටද්දර පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පාරම්පරික අක්ෂි වෛද්‍ය විශේෂඥ මාඉඹුලේ නන්දාරාම හිමියන්ට අමෙරිකාවේ විශ්ව විද්‍යාල තුනක් ඒකාබද්ධව මහාචාර්ය පදවියක් පිරිනමා ඇත.
උන්වහන්සේ අතිදක්ෂ ලෙස කරගෙන යන පාරම්පරික ඇස් වෙදකමට අදාළව අමෙරිකාවේ කොමන් වෙලත් සරසවිය, එහි ව්‍යාපාරික සරසවිය හා ලෝක දමිළ සරසවිය ඒකාබද්ධව අමෙරිකානු ව්‍යාපාරික සරසවියේ උපදේශක මණ්ඩල සාමාජික ආචාර්ය ඩයිටිමාර් ඩොයිරින් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී මහාචාර්ය පදවියට අදාළ සන්නස් පත්‍රය පිරිනමා ඇත.
ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම කර්මාන්ත මණ්ඩලයේ සභාපති මහාචාර්ය රොහාන් ද සිල්වා හා ජාත්‍යන්තර පාරම්පරික සිංහල වෛද්‍ය සභාවේ සභාපති ඇම්. ටී. දේශප්‍රිය මහත්වරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
පාරම්පරික අක්ෂි වෛද්‍ය විශේෂඥ මාඉඹුලේ නන්දාරාම හිමියන් වෙත මහාචාර්ය පදවිය පිරිනැමූ අවස්ථාව.