Home » 10 වැනි බාලදක්ෂ ජම්බෝරිය නිමිත්තෙන් ජනපතිට නිල ලාංඡනය පලඳවති

10 වැනි බාලදක්ෂ ජම්බෝරිය නිමිත්තෙන් ජනපතිට නිල ලාංඡනය පලඳවති

by mahesh
February 16, 2024 1:00 am 0 comment

නුවන් කොඩිකාර
ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ජනපතිට නිල ලාංඡනය පැලඳවූ අවස්ථාව

‘වෙනසකට නායකත්වය’ යන තේමාව යටතේ මේ මස 20 දා සිට 26 දා දක්වා ත්‍රිකුණාමලයේදී පැවැත්වෙන 10 වැනි බාලදක්ෂ ජම්බෝරිය නිල වශයෙන් ආරම්භ කිරීමේ නිල ලාංඡනය ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රී ලංකාවේ පළමු බාලදක්ෂයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැලඳවීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පසුගියදා සිදු කෙරිණි. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාටද නිල ලාංඡනය පැලඳවීම ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා අතින් මෙහිදී සිදු කෙරිණි.

දෙස් විදෙස් බාලදක්ෂයන් 20,000කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන 10 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ උපදේශකත්වයෙන් හා ජනාධිපති කාර්යාලයේ පූර්ණ දායකත්වයෙන් පැවැත්වේ. බාලදක්ෂ දිස්ත්‍රික් 37ක් නියෝජනය කරමින් බාලදක්ෂ බාලක බාලිකාවන් හා නායක නායිකාවන් 12,000ක් හා විදෙස් බාලදක්ෂයන් 500කට ආසන්න සංඛ්‍යාවක් දින 7 පුරා සහ පෝතක බාලදක්ෂයන් 8,000කට ආසන්න සංඛ්‍යාවක් දින 3ක් පුරා මෙහිදී කඳවුරු බඳින අතර, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයද ප්‍රථම වතාවට මෙහිදී කඳවුරු බැඳීමට එක් වේ.

මේ නිල ලාංජන පැලඳවීමේ අවස්ථාවට නියෝජ්‍ය බාලදක්ෂ කොමසාරිස් එම්.එෆ්.එම්. මුහීඩ්, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා මහත්වරුන් ඇතුළු බාලදක්ෂ නායකයෝ සහ නිලධාරීහු රැසක් එක් වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT