ශ්‍රී ලාංකේය නිෂ්පාදනවල විශිෂ්ටත්වය අන්තර්ජාතික මට්ටමට රැගෙන යෑමේ අරමුණින් “Best of Sri Lanka” නමින් මෙරට නිෂ්පාදන ප්‍රවර්ධන වැඩසටහනක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි දී සංවිධාන කර තිබේ. ඩුබායිහි අල් බර්ෂාහි මේ ප්‍රවර්ධන වැඩසටහන පවත්වා තිබෙන අතර ඩුබායි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය සහ උතුරු එමිරේට්ස් එක්ව එය සංවිධාන කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකාවේ 76 වැනි ජාතික නිදහස් සැමරුමට සමගාමීව මෙය පවත්වා තිබෙන අතර සතියක පමණ කාලයක් පවත්වා තිබෙන එම ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලාංකේය ආහාර පාන, පොල්තෙල් හා කිරි, එළවළු හා පලතුරු, රස කැවිලි ඇතුළු නිෂ්පාදන රැසක් ඉදිරිපත් කර තිබේ. මේ ප්‍රවර්ධන වැඩසටහන වෙළෙඳාම පමණක් නොව, ශ්‍රී ලංකාවේ Lulu සමූහය සහ අපනයනකරුවන් අතර ශක්තිමත් සබඳතා ද ඉහළ නංවා ඇති අතර, මීළඟ ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තෝරා ගන්නැයි ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ඇලෙක්සි ගුණසේකර මහතා ඩුබායිහි ලුලූ සමූහයට ආරාධනා කර ඇත. ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ වර්ධනයට දායක වන අනාගත සහයෝගිතා සඳහා එක්ව කටයුතු කරන බවට හෙතෙම ප්‍රකාශ කර තිබෙන අතර ලුලූ සමූහය යනු නිෂ්පාදන රැසක් පිරිනමමින්, අධි වෙළෙඳසල් සහ සුපිරි වෙළෙඳසල් ඇතුළු විවිධ සිල්ලර අලෙවිසල් සහිත වේගවත්ව චලනය වන පාරිභෝගික භාණ්ඩ (FMCG) අංශයේ සැලකිය යුතු පැවැත්මක් සහිත ජාත්‍යන්තර ව්‍යාපාරයක් බවද ඩුබායි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය පවසයි.
Bes t of Sri Lanka නිෂ්පාදන ප්‍රවර්ධන වැඩසටහනක් එමිරේට්ස්හි ඩුබාහිදී
by mahesh
February 16, 2024 1:00 am
0 comment
මහින්ද අලුත්ගෙදර
173