Sunday, May 11, 2025
Home » සැරයන් නිහාල් රංජිත්ගේ අවසන් කටයුතු පොලිස් ගෞරව පෙරදැරිව

සැරයන් නිහාල් රංජිත්ගේ අවසන් කටයුතු පොලිස් ගෞරව පෙරදැරිව

by mahesh
February 16, 2024 1:00 am 0 comment

තඹුත්තේගම - සී. එම්. ආරියපාල

හදිසියේ ජීවිතයෙන් සමුගත් තඹුත්තේගම පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන් 65034 ඩබ්. නිහාල් රංජිත් මහතාගේ අවසන් කටයුතු තඹුත්තේගම නල්ලච්චිය පොදු සුසාන භූමියේදී 14 වැනිදා සිදු කෙරිණ.

පොලිස් තූර්ය වාදක නණ්ඩායම පෙරටු කොටගෙන දේහය සුසාන භූමියට රැගෙන විත් පොලිස් දෙපාර්තමේන්තු නියෝග අනුව කටයුතු කොට දේහයට උත්තමාචාරය සිදුකොට තඹුත්තේගම කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරි ජීවහස්ත සිරිසේන මහතා මිය ගිය පොලිස් සැරයන්වරයාට හිමි සියලුම පදක්කම් සහ හිස්වැසුමත් චරිතාපදානය ඇතුළත් සිහිවටන සමරුව සැරයන්වරයාගේ ළඟම ඥාතීන් වන දරුවන් දෙදෙනාට භාරදුන් අවස්ථාව ඡායාරූපයේ දැක්වෙයි.

මෙම සැරයන්වරයාගේ බිරියද මීට වර්ෂ දෙකකට පෙර මිය ගොස් තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT