කිළිනොච්චිය ධර්මපුරම් ප්‍රමන්තනාරුකල්ලාරු ගම්මානයේ නිෙවසකින් සතුන් දඩයම් කරන තුවක්කු දෙකක් බඳින කඳන් තුනක් හා අපරාධවලට යොදා ගනු ලබන තවත් උපකරණ කිහිපයක් ධර්මපුරම් පොලිසිය විසින් සැකකරුවකු සමඟ පෙරේදා (14) අත්අඩංගුවට ගෙන තිබේ.
ධර්මපුරම් පොලිසියට ලැබුණු තොරතුරක් මත අදාළ නිෙවස පරීක්ෂා කිරීමේදී එම නීති විරෝධී ගිනිඅවි ඇතුළු දේ හමු වී තිබේ.
සැකකරු පවසා අත්තේ තමන් දඩයමේ යාම සඳහා මෙම උපකරණ භාවිත කළ බවයි. ධර්මපුරම් පොලිසිය මේ පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කොට ඇති අතර ඔහු වෙනත් අපරාධවලට සම්බන්ධ පුද්ගලයකු දැයි සොයා ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව ධර්මපුරම් පොලිස් ස්ථානාධිපති ඩී.එම්. චතුරංග මහතා පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු කිළිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටද පොලිසිය පියවර ගෙන ඇත.