– රියැදුරු හා සහායකට තුවාල
– නිවෙසටත් බරපතළ හානි
විදුලි බල මණ්ඩලයට අයත් ගම්පොළ දොළුව ගොඩවෙල පිහිටි පළාත් ගබඩාවේ සිට විදුලි කනු රැගෙන ගිය ලොරි රථයක් ගොඩවෙල නිවෙසක් මතට පෙරළී දෙදෙනකු තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.
මෙම අනතුරින් එම නිවෙසට, ලොරි රථයට හා විදුලි කනුවලට හානි සිදුව ඇත. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ එම ලොරි රථයේ රියැදුරු හා සහායකවරයායි. නිවැසියන් එම අවස්ථාවේ දහවල් ආහාරය බෙදාගෙන නිවෙසේ සාලය වෙත ගමන් කිරීම හේතුවෙන් එම අනතුරින් බේරී තිබුණි.
ගොඩවෙල බුම්මලේ කන්ද නමැති ඉහළ ස්ථානයක මෙම පළාත් ගබඩාව පිහිටා ඇති අතර, බර පැටවූ ලොරි රථ පහළට ඒමේදී තිරිංග ඇනහිටීමෙන් මේ ආකාරයට කෙටි කලක් තුළ මෙවැනි අනතුරු හතරක් සිදු වූ බව ප්‍රදේශවාසීහු පවසති. එයින් නිවාස දෙකකට හානි සිදුව තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ නුසුදුසු ස්ථානයක මෙම ගබඩාව පිහිටුවීමෙන් විදුලි කනු ප්‍රවාහනයේදී දිගින් දිගටම අනතුරු සිදු වීමෙන් ජීවිත හා දේපොළ හානි සිදු වන බවයි.