කොන්ක්‍රීට් මික්සර් යන්ත්‍රයකට යටවීමෙන් තුනටිය කැඩී අවුරුදු දෙකහමාරක් තිස්සේ තුනටියෙන් පහළ අප්‍රාණිකව සිටින තිදරු පියෙකු සුව කරගැනීම සඳහා ඔහු සහ ඔහුගේ බිරිය මහජනතාවගෙන් ආධාර ඉල්ලා සිටී.
මෙසේ අනතුරට පත්ව ඔත්පලව සිටින්නේ බළපිටිය, පාතෙගම, ගිනිගල්ගොඩ පාරේ පදිංචි අබේහේරත් මුදියන්සේලාගේ දමයන්ත (35) නමැති අයයි.
මේ පිළිබඳ අදහස් දැක්වූ ඔහුගේ බිරිය වන නම්මුණි ඉරෝෂා මල්කාන්ති ද සොයිසා (38) මහත්මිය මෙසේ කීවාය.
“මගේ පුරුෂයාට ස්ථිර රැකියාවක් තිබුණේ නැහැ. කොන්ත්‍රාත්කරුවන් ළඟ ෂටරින් ගැසීම, කොන්ක්‍රීට් දැමීම ආදිය කළා. 2021 ජූලි මස දහනව වැනි දින වතුගෙදර සීනිගොඩ ප්‍රදේශයේදී වැඩ ඉවර වී කොන්ක්‍රීට් මික්සර් යන්ත්‍රයක් ලොරියට පටවද්දී ලෑල්ලක් කඩා වැටී මගේ පුරුෂයාගේ තුනටිය මතට වැටී තිබෙනවා. මාස එකහමාරක් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ගත්තා. පසුව ඒ රෝහලේ ව්‍යායාම් ඒකකයේ තවත් මාස එකහමාරක් ප්‍රතිකාර ලබා ගත්තා. සුව කරන්න බැහැ කියල ගෙදර එව්වා.
එදා ඉඳලම ඇඳේ ඉන්නේ. මළ, මුත්‍රා ඔහුට නොදැනීම පිටවෙන්නේ. මෙපමණ කාලයක් ඇඳේ සිටීම නිසා ඇඳ වන නමැති ලොකු තුවාල තුනක් තිබුණා. දැන් නම් තුවාල සනීපයි. තුවාල හැදුණම දොස්තර මහත්තයෙකුගෙන් ප්‍රතිකාර ගන්නවා. තුවාලවලට ස්ප්‍රේ කරන්න බෙහෙතක් තිබෙනවා. ඒ බෙහෙත් එකක් රුපියල් හයදහස් පන්සියයක් වෙනවා. ඒක සතියයි පාවිච්චි කරන්න හැකිවන්නේ. තුවාල හැදුණම බෙහෙත්වලට විතරක් විශාල මුදලක් වියදම් වෙනවා.
අපට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. ලොකු පුතා බළපිටිය රේවත විදුහලේ හයවැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නේ. දුවට වයස අවුරුදු හයයි. එක වසරේ ඉගෙන ගන්නේ. කුඩා දරුවට අවුරුදු දෙකහමාරයි. දරුවන්ට උගන්වන්නයි, ජීවත් වෙන්නයි, මහත්තයට ප්‍රතිකාර කරන්නයි ලොකු වියදමක් කරන්න වෙනවා.