පෞද්ගලික ආයතනයක සේවය කරමින් රුපියල් 41,92174.26ක මුදලක් වංචා සහගතව ලබා ගත් බව කියන 19 හැවිරිදි මුදල් අයකැමිවරියක් කළුතර විශේෂ වංචා විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පයාගල, හල්කඳවිල, දූවගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.
බේරුවල, අඹේපිටියගම ‘සඳරුවන් සුපර්’ ආයතනය හිමි චතුර සඳරුවන් හෙට්ටිආරච්චි (අවු: 39) යන අය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලට අනුව මෙම සැකකාරිය අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම වංචාව 2023.06.09 හා 2024.02.06 අතර කාලය තුළ සිදු වී ඇති බවත්, සේවකයින් 12 දෙනකු ආයතනයේ සේවය කරන බවත්, මුදල් හා ආදායම් අතර වෙනසක් නිරීක්ෂණය වීමෙන් පසු වෙෙළඳසලේ පරිගණක පද්ධතිය හා ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කළ විට පාරිභෝගිකයින් මුදල් ගෙවූ පසු අවස්ථා 1475 කදී අවලංගු කළ බිල්පත් ලෙස දත්ත පද්ධතියේ සටහන් කර මෙම මුදල් වංචා කර ඇති බවත් පැමිණිලිකරු පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ (15) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩී. සුගතපාල, කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ සහ කළුතර සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් මත කළුතර කොට්ඨාස විශේෂ වංචා විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර, උප පොලිස් පරීක්ෂක වික්‍රමරත්න, සැරයන් (41080) කරුණාරත්න සහ කාන්තා පොලිස් කොස්තාපල් (9833) හේවගේ යන මහත්ම මහත්මීහු මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ පවත්වති.