Wednesday, March 26, 2025
Home » බදුල්ල රෝහලේ නේවා­සික රෝගි­යෙක් තෙම­හල් ගොඩ­නැ­ඟි­ල්ලෙන් පැන සිය­දිවි නසා ගන්න හදලා

බදුල්ල රෝහලේ නේවා­සික රෝගි­යෙක් තෙම­හල් ගොඩ­නැ­ඟි­ල්ලෙන් පැන සිය­දිවි නසා ගන්න හදලා

ප්‍රධාන ආර­ක්ෂ­කයා තරු­ණ­යාගේ දිවි බේරා­ගනී

by damith
February 17, 2024 1:03 am 0 comment

සී. ගමගේ-සොර­ණා­තොට සමුහ

බදුල්ල ශික්ෂණ රෝහලේ නේවා­සි­කව ප්‍රති­කාර ලබ­මින් සිටි තරුණ රෝගි­යකු රෝහලේ මාන­සික සුවය ඒක­කයේ තෙම­හල් ගොඩ­නැ­ඟි­ල්ල­කින් බිමට පැන සිය­දිවි නසා ගැනී­මට ගත් උත්සා­හ­යක් බදුල්ල රෝහලේ ප්‍රධාන ආර­ක්ෂක නිල­ධා­රියා විසින් වළ­ක්වා­ගෙන රෝගියා බේරා­ගත් බව බදුල්ල රෝහලේ හදිසි ප්‍රති­කාර ඒක­කයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිල­ධාරී වෛද්‍ය පාලිත රාජ­පක්ෂ මහතා ඊයේ (16)පැව­සීය. මේ සද්ක්‍රි­යාව කර­මින් රෝගී­යාගේ ජීවි­තය බේරා­ගෙන ඇත්තේ බදුල්ල ශික්ෂණ රෝහලේ රාජ­කාරි කරන රෝහලේ ප්‍රධාන ආර­ක්ෂක නිල­ධාරි ඩබ්ලිව්.වී.අජිත් ප්‍රිය වැලි­විට මහ­තාය.

මඩො­ල්සිම ප්‍රදේ­ශයේ පදිංචි 35 හැවි­රිදි තරු­ණ­යකු කිසි­යම් රෝගී තත්ත්ව­යක් හේතු­වෙන් බදුල්ල ශික්ෂණ රෝහලේ නේවා­සි­කව ප්‍රති­කාර ලබ­මින් සිට ඇති අතර ඔහුගේ වයෝ­වෘද්ධ මව සහ පියා පම­ණක් නිවසේ සිට ඇති බවත් හෙතෙම කීය. මේ රෝගි පුතා රෝහලේ නේවා­සි­කව ප්‍රති­කාර ලබ­මින් සිටින විටදි නිවසේ සිටි වයෝ­වෘද්ධ මව සහ පියා රැක­බලා ගැනි­මට කිසි­වකු නැති නිසා සහ ඔවුන්ට කන්න නැතිව බඩ­ගින්නේ නිවසේ පසු­වෙන හෙයින් මව්පි­යන් ගැන දුක සිතා සිත් තැවු­ලට පත්ව මෙසේ තමා රෝහලේ තෙම­හල් ගොඩ­නැ­ඟි­ල්ලෙන් බිමට පැන සිය­දිවි හානි කර ගැනී­මට උත්සාහ කළ බව පැවසූ බව වෛද්‍ය පාලිත රාජ­පක්ෂ මහතා සඳ­හන් කළේය. බදුල්ල රෝහලේ මාන­සික සුවය ඒක­කයේ තෙම­හල් ගොඩ­නැ­ඟිල්ල උඩ රෝගි­යකු ජනේ­ල­යෙන් පිට­තට පැමිණ එහි උඩ සිට බිමට පැනී­මට යන බව දැන­ගත් ඒක­කයේ හෙද හෙදි­යන් රෝහල් කාර්ය මණ්ඩ­ලය සහ රෝහලේ ප්‍රධාන ආර­ක්ෂක නිල­ධාරී ඩබ්ලිව්.වී.අජිත් ප්‍රිය වැලි­විට මහතා වහා ක්‍රියා­ත්මක වී රෝගියා නිරු­ප­ද්‍රි­තව බේරා­ගත් බව බදුල්ල රෝහලේ හදිසි ප්‍රති­කාර ඒක­කයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිල­ධාරී වෛද්‍ය පාලිත රාජ­පක්ෂ මහතා වැඩි­දු­ර­ටත් පැව­සීය.

(ජායා­රූප සොර­ණා­තොට සමුහ සී ගමගේ )

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT