Home » කන්ද­කාඩු පුන­රු­ත්ථා­පන මධ්‍ය­ස්ථා­නය පහ­සු­කම් සහිත ප්‍රදේ­ශ­ය­කට ගෙන යෑමට අවධානය

කන්ද­කාඩු පුන­රු­ත්ථා­පන මධ්‍ය­ස්ථා­නය පහ­සු­කම් සහිත ප්‍රදේ­ශ­ය­කට ගෙන යෑමට අවධානය

by damith
February 17, 2024 1:03 am 0 comment

බුද්ධිකා ඉඹු­ලාන

කන්ද­කාඩු පුන­රු­ත්ථා­පන මධ්‍ය­ස්ථා­නය ස්ථාපිත කර ඇති ප්‍රදේ­ශය, දුෂ්කර ප්‍රදේ­ශ­යක් වන බැවින් පහ­සු­ක­ම්ව­ලින් යුත් ප්‍රදේ­ශ­ය­කට එම මධ්‍ය­ස්ථා­නය ගෙන යාමට ඇති හැකි­යාව පිළි­බ­ඳව සොයා බලන ලෙස අධි­ක­රණ බන්ධ­නා­ගාර කට­යුතු හා ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා ප්‍රති­සං­ස්ක­රණ අමාත්‍ය ජනා­ධි­පති නීතිඥ, ආචාර්ය විජ­ය­දාස රාජ­පක්ෂ මහතා පුන­රු­ත්ථා­පන කාර්යාං­ශයේ ඉදිරි ක්‍රියා­මාර්ග පිළි­බ­ඳව පසු­ගි­යදා (13) අධි­ක­රණ අමා­ත්‍යාං­ශ­යේදී පැවති විශේෂ සාක­ච්ඡා­ව­කදී නිල­ධා­රින්ට උප­දෙස් ලබා දී තිබේ.

කන්ද­කාඩු පුන­රු­ත්ථා­පන මධ්‍ය­ස්ථා­නයේ පසු­ගිය කාලයේ ඇති වූ සිද්ධීන් පිළි­බ­ඳව මෙහිදී ඇමැ­ති­ව­ර­යාගේ අව­ධා­නය යොමු වී තිබේ. කන්ද­කාඩු පුන­රු­ත්ථා­පන මධ්‍ය­ස්ථා­නයේ ආර­ක්ෂාව සඳහා යොදවා සිටින ආර­ක්ෂක නිල­ධා­රීන් වැඩි කිරීම, පුන­රු­ත්ථා­ප­න­ලා­භීන්ගේ මාන­සික තත්ත්වය ඉහළ නැංවීම, එම මධ්‍ය­ස්ථා­න­වල පරි­පා­ලන කට­යුතු, ඔවුන්ට ලබා දෙන පුහු­ණු­වීම් පිළි­බ­ඳව මෙහිදී ඇමැ­ති­ව­ර­යාගේ දැඩි අව­ධා­නය යොමු වී තිබේ.

කන්ද­කාඩු පුන­රු­ත්ථා­පන මධ්‍ය­ස්ථා­නය තුළ පසු­ගිය කාල­සී­මා­වේදී වූ සිද්ධීන් ඉදි­රි­යට ඇති නොවී­මට වග බලා ගත යුතු බවත්, පුන­රු­ත්ථා­පන ක්‍රියා­ව­ලිය තව­දු­ර­ටත් විධි­මත් කළ යුතු බවත්, අධි­ක­රණ අමා­ත්‍ය­තු­මන් මෙහිදී අව­ධා­ර­ණය කර තිබේ. දැනට මෙරට පුන­රු­ත්ථා­පන මධ්‍ය­ස්ථා­න­වල පව­තින පරි­පා­ලන දුර්ව­ලතා මඟ හරවා ගැනී­මට පුහු­ණුව සහිත නිල­ධා­රීන් බඳවා ගැනී­මට අවශ්‍ය අනු­මැ­තිය දැන­ට­මත් ලබා දී ඇති බැවින් ඔවුන් බඳවා ගැනී­මට කට­යුතු කළ යුතු බවත්, පිළි­ගත් ජාත්‍ය­න්තර නීති රීති සහ ප්‍රඥ­ප්තීන්ට පට­හැණි නොවන ආකා­ර­යෙන් මෙරට පුන­රු­ත්ථා­පන ක්‍රියා­ව­ලිය සිදු විය යුතු බවත් අධි­ක­රණ ඇමැ­ති­ව­රයා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම මෙහිදී අධි­ක­රණ අමා­ත්‍ය­ව­රයා පුන­රු­ත්ථා­පන කාර්යාංශ කවු­න්සි­ල­යට උප­දෙස් ලබා දී ඇත්තේ මෙරට පුන­රු­ත්ථා­පන ක්‍රියා­ව­ලියේ පව­තින අඩු­පාඩු නිවැ­රදි කිරීම සඳහා අවශ්‍ය යෝජනා කඩි­න­මින් ඉදි­රි­පත් කිරී­මට හා පුන­රු­ත්ථා­ප­නය සම්බ­න්ධ­යෙන් පව­තින නීති සහ රෙගු­ලාසි අවශ්‍ය පරිදි සංශෝ­ධ­නය කිරී­මට කට­යුතු කරන ලෙසය. අධි­ක­රණ හා බන්ධ­නා­ගාර කට­යුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ, අනු­රාධ ජය­රත්න, ආර­ක්ෂක රාජ්‍ය අමාත්‍ය, ප්‍රමිත බණ්ඩාර තෙන්න­කෝන්, ආර­ක්ෂක ලේකම් විශ්‍රා­මික ජෙන­රාල්, කමල් ගුණ­රත්න, අධි­ක­රණ අමා­ත්‍යාං­ශයේ ලේකම් එම්. එන්. රණ­සිංහ, පුන­රු­ත්ථා­පන කොම­සා­රිස් ජන­රාල්, විශ්‍රා­මික මේජර් ජන­රාල්, දර්ශන හෙට්ටි­ආ­රච්ච්, බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රාල්, තුෂාර උපු­ල්දෙ­ණිය, පුන­රු­ත්ථා­පන කාර්යාංශ කවු­න්සි­ලයේ සභා­පති, ජනා­ධි­පති නීතිඥ යූ. ආර්. ද සිල්වා, මහ­ත්ව­රුන්, අධි­ක­රණ අමා­ත්‍යාං­ශය, මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය, පොලි­සිය, නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව, පුන­රු­ත්ථා­පන කොම­සා­රිස් කාර්යාං­ශය, පුන­රු­ත්ථා­පන කාර්යාංශ කවු­න්සි­ලය, මානව හිමි­කම් කොමි­ෂන් සභාව, බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව හා ශ්‍රී ලංකා යුද හමු­දාව ඇතුළු රාජ්‍ය ආය­තන නියෝ­ජ­නය කර­මින් උසස් නිල­ධා­රීහු පිරි­සක් මෙම සාක­ච්ඡා­වට එක්ව සිටි­යහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT