එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා- පැසිෆික් කලාපීය සමුළුව මෙම මස 19 සිට 22 දක්වා කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වේ.
මෙම සමුළුවේ සමාරම්භක සැසිවාරය ලබන 20 දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම සමුළුවට ආසියා – පැසිෆික් කලාපයේ රටවල් 35ක කෘෂිකර්ම ඇමැතිවරු නියෝජ්‍ය ඇමැතිවරු මෙන්ම නිලධාරින් ද ඇතුළුව 300කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතය. එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා – පැසිෆික් කලාපීය සමුළුවට සහභාගි වීම සඳහා රටවල් 35ක රාජ්‍ය නියෝජිතයින් අද (17) සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මීට අමතරව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Qu Dongyu මහතා හෙට (18) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර මහජන චීනය, මැලේසියාව, ජපානය, පකිස්තානය, බංග්ලාදේශය ආදී රටවල් රැසක කෘෂිකර්ම ඇමැතිවරුන් මෙම සමුළුවට සහභාගි වන බව මේ වනවිටත් කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් රටවල් ගණනාවක ඇමැතිවරු සමඟ ලබන 19 වැනිදා හිල්ටන් හෝටලයේ දී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙම සමුළුව පිළීබඳව අදහස් දැක්වූ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා , පාස්කු ප්‍රහාරය, කොවිඩ් 19 වසංගත තත්ත්වය හා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පසු මෙරටට වැඩිම රාජ්‍ය නියෝජිතයින් පිරිසක් එක්වර සහභාගි වන එකම සමුළුව මෙය වන බවයි.
වර්තමාන රජයේ ආර්ථික වැඩපිළිවෙළට මෙන්ම ජනජීවිතය නංවාලීම සඳහා එක්සත් ජාතින්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පසුගිය කාලය තුළ ඩොලර් මිලියන 100කට අධික මුල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර මෙරටට ලබා දී ඇති අතර එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Qu Dongyu මහතා පුද්ගලිකවම මෙරටට ලබා දුන් සහයෝගය අතිශයින් අගය කළ යුතුයි.
අවුරුදු 57කට පසුව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ගත් තීරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රට ගොඩනඟන වැඩපිළිවෙළ කෙරෙහි ලෝකය තබා ඇතී විශ්වාසය තහවුරු කරන්නක් බව ද ඇමැතිවරයා අවධාරණය කරයි.
බුද්ධිකා ඉඹුලාන