ප්‍රවීණ ලේඛිකා අයෝමා නිර්මලී සමරසිංහ විසින් රචනා කරන ලද ‘අසුරඟන’ කෘතිය පසුගියදා කොළඹ ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී දොරට වැඩිණි. සරසවි ප්‍රකාශන ආයතනයේ අධිපති එච්.ඩී. ප්‍රේමසිරි මහතා ‘අසුරඟන’ කෘතිය එම අවස්ථාවේදී නිල වශයෙන් කතුවරිය වෙත නිල වශයෙන් පිරිනැමූ අයුරු සේයාරුවේ දැක්වේ.
අයෝමා සමරසිංහගේ ‘අසුරඟන’ මනෝවිද්‍යාත්මක නවකතාවක් වන බැවින් එදින එහි ප්‍රධාන දේශනය මානසික රෝග විශේෂඥ හා පාරම්පරික ආයුර්වේද වෛද්‍ය සමන් එස්. හෙට්ටිගේ මහතා විසින් පවත්වන ලද අතර, ප්‍රවීණ මාධ්‍යවේදී, ගත්කතුවර එඩ්වඩ් චන්ද්‍රසිරි, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මනෝ උපදේශක සහ මනෝ චිකිත්සක අකිල ඖෂධ බණ්ඩාර යන මහත්වරුද විශේෂ දේශන පැවැත්වූහ.
2018 වසරේ ගොඩගේ අත්පිටපත් තරගයෙන් ප්‍රශස්ත කෘතියක් ලෙස අගැයීමට ලක්වූ ‘සිහින සිත්තමක්’ නවකතාව එළි දක්වමින් ලෙඛන දිවියට පිවිසි අයෝමා සමරසිංහ මීට පෙර පාඨක ප්‍රසාදය හිමි කරගත් ග්‍රන්ථ හතරක් ප්‍රකාශයට පත් කර ඇත.
‘විශ්‍රාන්තිය’, ‘සන්තප්ප සන්තතිය’, ‘අනන්තානන්ත’ සහ ‘සචේතනික’ නම් වූ මේ ග්‍රන්ථ සියල්ලම අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පාසල් පුස්තකාල හා වෙනත් පුස්තකාල සඳහා සුදුසු බවට නිර්දේශයන් ලබා තිබීමද විශේෂත්වයකි.