Sunday, May 11, 2025
Home » සිසුන් ඇතුලත් කිරීමට නිකුත් කරන ලිපි ගැන අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

සිසුන් ඇතුලත් කිරීමට නිකුත් කරන ලිපි ගැන අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

by chanaka
February 19, 2024 1:25 pm 0 comment

education news

2024 වර්ෂය සදහා 1, 5, 6 ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිපි නිකුත් නොකෙරෙන බව සදහන් කෙරේ.

පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක‍්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු අතර විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරන බව අමාත්‍යංශය නිවේදනය කරයි.

පාසල්වල හය වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පස් වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මත පමණක් සිදු කරනු ලැබේ.

2024 වර්ෂයේ 1, 5 සහ 6 ශ්‍රේණි හැර අනෙකුත් අතරමැදි පන්ති සඳහා අ.පො.ස. (උසස් පෙළ ද ඇතුළුව) සිසුන් ඇතුළත් කිරීමට ද අදාළ අයදුම්පත් පාසල් වෙත යොමු කළ යුතු අතර එම පාසල්වල පුරප්පාඩු පවතී නම් විදුහල්පතිවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශ චක‍්‍රලේඛ ප‍්‍රකාර ව සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගත් සිසුන්ගේ නාම ලේඛනය අනුමැතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරනු ඇත.

එසේ ම පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කරනු නොලබන බව වැඩිදුරටත් අමාත්‍යංශය අවධාරණය කර සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT