Saturday, May 17, 2025
Home » සාවද්‍ය මූල්‍ය ප්‍රකාශන පෙන්වූ ට්‍රම්ප්ට ඩොලර් මිලියන 355ක දඩයක්

සාවද්‍ය මූල්‍ය ප්‍රකාශන පෙන්වූ ට්‍රම්ප්ට ඩොලර් මිලියන 355ක දඩයක්

by sachintha
February 19, 2024 1:47 am 0 comment

පවුලේ සමාගම් ජාලයේ වත්කම් නීතිවිරෝධී ලෙස වෙනස් කිරීමේ චෝදනාවකට ලක් වූ අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නිව්යෝක් නුවර අධිකරණයකින් ඩොලර් මිලියන 355ක දඩයක් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඔහුගේ ට්‍රම්ප් ව්‍යාපාර ජාලය හරහා ණය ලබාගන්නා පුද්ගලයන්ට ඉදිරිපත් කර ඇති වත්කම් ප්‍රකාශනවල සාවද්‍ය ලෙස වෙනස් කරමින් ඉහළ වත්කම් පෙන්වා ඇතැයි හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබිණි. කුමන්ත්‍රණකාරී ලෙස සිය සමාගම් ජාලයේ වත්කම් වෙනස් කරමින් ඉහළ අගයකින් යුතු මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමට ඔහු කටයුතු කර ඇතැයි අධිකරණයේදී තහවුරු වූ බව වාර්තා වේ.

මීට පෙර ඔහු එරට මාධ්‍යවේදිනියක වන ජීන් කැරොල් ලිංගික අතවරයකට ලක්කිරීමේ නඩු විභාගය අතරතුර ඇයට අපහාස කළ බවට පැවරූ නඩුවෙන් පසුගියදා වරදකරු වීම හේතුවෙන් ඩොලර් මිලියන 83ක් ගෙවීමට නියම වූ අතර, මාසයක් ඇතුළත ඩොලර් මිලියන 438ක දඩ මුදලකට යටත් වී සිටින බව සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය.

ඔහුට එරෙහිව තවත් අපරාධ නඩු 4ක් විභාගයට ගැනීමට නියමිතව ඇති බවත්, එහි පළමු නඩුව ලබන මාසයේදී නිව්යෝක් නුවර අධිකරණ‍ෙය් විභාග කරනු ඇති බවත් සීඑන්එන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT