රෝහල සංවර්ධනයට කෝටි 20ක්
සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඉකුත්දා අම්පාර මහ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
පළමුව අම්පාර මහා රෝහලේ ශ්‍රවණාගාරයේදී අම්පාර මහ රෝහලේ පැවැති අඩුපාඩු පිළිබඳ සාකච්ඡා කරනු ලැබීය. එහිදී රෝහල සංවර්ධන කටයුතු සඳහා කෝටි 20ක මුදලක් දීමට ඇමැතිවරයා එකඟ විය.
රටේ සෞඛ්‍ය තත්ත්වය නැංවීමට ප්‍රාථමික සෞඛ්‍ය වැඩි කළ යුතු බව අමාත්‍ය රමේෂ් මහතා මෙහිදී පැවසීය. මෙම රෝහලේ සිටි දිවංගත වෛද්‍ය ලංකාතිලක ජයසිංහයන් මෙම රෝහල ජාතික තත්ත්වයට දියුණු කිරීමට විශාල උත්සාහයක් ගත් අතර අම්පාර මහ රෝහල රටේ කීර්තිමත් රෝහලක් බව ද මෙහිදී ඇමැතිවරයා සඳහන් කළේය.
දැනට තිබෙන සී.ටී. ස්කෑන් යන්ත්‍රයට අමතරව මීට වඩා වැඩිදියුණු කළ සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් ලබන වසරේ දීමට ද ඇමැතිවරයා එකඟ විය. මෙම සාකච්ඡාවෙන් පසුව ඇමැතිවරයා අම්පාර මහා රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
දිගාමඬුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක, සෞඛ්‍ය ලේකම් පාලිත මහීපාල මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
දිගාමඬුල්ල විශේෂ – වසන්ත චන්ද්‍රපාල