Home » ජාත්‍යන්තර ප්‍රජාව අතර ශක්තිමත් සබඳතා පවත්වාගෙන යෑම අපේ රටට අතිශය වැදගත් – ඇමැති මනූෂ නානායක්කාර

ජාත්‍යන්තර ප්‍රජාව අතර ශක්තිමත් සබඳතා පවත්වාගෙන යෑම අපේ රටට අතිශය වැදගත් – ඇමැති මනූෂ නානායක්කාර

by sachintha
February 19, 2024 1:35 am 0 comment

ජාත්‍යන්තර ප්‍රජාව අතර ශක්තිමත් සම්බන්ධතා පවත්වාගෙන යෑම මෙරටට අතිශය වැදගත් බවත්, එම සම්බන්ධතා ඉදිරියේදී තවදුරටත් වර්ධනය කිරීමට පියවර ගන්නා බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා අවධාරණය කළේය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිදහස් දිනය නිමිත්තෙන් පවත්වන ලද රාජ්‍යතාන්ත්‍රික උත්සවයට එක්වෙමිනි.

මේ සැමරුම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හී ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැති අතර, එම අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි විදේශ තානාපති කාර්යාල 120ක පමණ ප්‍රධානීහු එක්ව සිටියහ.

මේ අවස්ථාවට සම්භාවනීය අමුත්තන් ලෙස අජ්මාන් රාජකීය පවුලේ සාමාජිකයකු වන ෂෙයික් හුමයිඩ් බින් රෂීඩ් අල් නුඅයිමි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාත්‍යන්තර සංවර්ධන කටයුතු සඳහා විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතා සහකාර ඇමැති සුල්තාන් අල් ෂම්සි එක් වූහ. ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ප්‍රජාව අතර ශක්තිමත් සබඳතා වර්ධනය කිරීම වැදගත් බවත්, ශ්‍රී ලංකාවට සහ එහි ගෝලීය හවුල්කරුවන්ට ප්‍රතිලාභ ලැබිය හැකි සහයෝගීතා සඳහා නව අවකාශයක් නිර්මාණය කිරීමට හැකි බවත් ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න මහතා මෙහිදී අදහස් දක්වමින් අවධාරණය කර සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දූරදර්ශී නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ප්‍රබෝධමත් වෙමින් අභියෝග මධ්‍යයේ සෞභාග්‍යය සහ සාර්ථකත්වය සඳහා කැපවී සිටින මාවතක ගමන් කරන බවයි.

දොඩන්ගොඩ සමූහ – කවිඳු සමරවීර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT