Home » විදුලිබල මණ්ඩලය දක්වා ඇති දත්ත ගැන විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කළ යුතුයි

විදුලිබල මණ්ඩලය දක්වා ඇති දත්ත ගැන විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කළ යුතුයි

by sachintha
February 19, 2024 1:02 am 0 comment

එක්සත් ජනරජ පෙරමුණේ නායක මන්ත්‍රී පාඨලී චම්පික

විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති දත්ත සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයක් කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් පසුගිය දා හමු වූ අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා:

“විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් වැරදි දත්ත ඉදිරිපත් කිරීමේ අවස්ථා ගණනාවක් නිරීක්ෂණය වී තිබෙනවා. ඒ හේතුවෙන් ජනතාවට වග කියන ආයතනයක් ලෙස මහජන උපයෝගිතා කොමිසම ඊට අවධානය යොමු කළ යුතුයි. විදුලිබල මණ්ඩලය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රියා කිරීමේ වගකීම මහජන උපයෝගිතා කොමිසමට පවතිනවා. මණ්ඩලයේ වියදම් අවම කිරීමත්, ජනතාවට සහන සැලසෙන පරිදි තීරණ ගැනීමත් කොමිසමේ ප්‍රමුඛ කාර්යභාරයක්. ඒ වගකීම ඉටු කිරීමට නොහැකි වුව හොත් මහජන උපයෝගිතා කොමිසමටද ජනතාවගේ විරෝධය එල්ල වනවා.

විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති සංඛ්‍යා අතිශය වැරදි සහගත බවක් හෙළි වී තිබෙනවා. විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට ගණිතය පිළිබඳ නිවැරදි වැටහීමක් පවතිනවා. එහෙත් ඒ දැනුම භාවිත කරමින් වංචනික ක්‍රියාවල නිරත වීමට පෙලඹ ඇතැයි චෝදනා නැඟෙනවා. එවැනි තත්ත්වයකදී නිවැරදි තත්ත්වය පිළිබඳ අවබෝධ කරගැනීමට විද්‍යාත්මක අධ්‍යයනයක් කිරීම මහජන උපයෝගීතා කොමිසමේ වගකීමයි.”

 

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT