Friday, May 16, 2025
Home » ෆොන්සේකා තමාට දුන් හැම අතම හපාකෑවා

ෆොන්සේකා තමාට දුන් හැම අතම හපාකෑවා

by sachintha
February 19, 2024 1:59 am 0 comment

 

පක්ෂයක සිටින විට කාට වුවද ගැටලු මතුවන බවත් ඒවා පක්ෂය තුළ දී කතා බහ කර විසඳාගත යුතු දේවල් බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් මහතා,

“මටත් දැනගන්න ලැබුණා සරත් ෆොන්සේකා මහත්මයා සභාපති ධුරයෙන් ඉවත් කරන්න එපා කියලා නඩු දාන්න යනවා කියලා. මට කියන්න තියන්නෙ නඩු දානවා නම් අපිට දැනුම්දීමක් කරලා යන්න. එතකොට අපි කියන්නම් අයින් කරන්න වෙනවා නම් ඒකට හේතු මොනවද කියලා. මම දැක්කා වෙබ් සයිට් එකක දාලා තිබුණා එතුමා ජනාධිපතිතුමාව හම්බ වෙනවලු ඩයනා ගමගේ මහත්මියගෙ නිවසේදි. මොකද ඩයනා ගමගේගෙ මහත්තයා තමයි සරත් ෆොන්සේකා මහත්මයාගෙ හිටපු ලේකම්වරයා. සමගි ජන බලවේගය සමඟ ඉන්නවා නම් සමගි ජන බලවේගය සමඟ ඉන්න ඕනෙ. රනිල් මහත්මයා එක්ක ඉන්නවා නම් එතන්ට යන්න ඕනෙ. විශේෂයෙන්ම කියන්න ඕනෙ හමුදාපති කරපු කෙනත් එක්ක තරහ වුණා. කේක් කවපු කෙනත් එක්ක තරහ වුණා. ෆීල්ඩ් මාර්ෂල් කරපු කෙනත් එක්කත් තරහ වුණා. පැරදිලා ඉන්න අවස්ථාවක ඇමැතිකමක් දුන්න කෙනත් එක්කත් තරහ වුණා. පක්ෂයක ඉන්නකොට අපිට වුණත් ප්‍රශ්න තියනවා. ඒවා කතා බහ කරලා විසඳ ගන්න ඕනෙ එළියෙදි පුහු වීරයො වෙලා උසාවියෙ සරණ පතන්න යන්නෙ නැතුව” යැයි පැවැසීය.

නෙත්මි පූජනී රත්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT