Sunday, May 11, 2025
Home » පරිසර හිතකාමී ශීතාගාරයක් ගොවි අයිතියට

පරිසර හිතකාමී ශීතාගාරයක් ගොවි අයිතියට

by sachintha
February 19, 2024 1:32 am 0 comment

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ජපන් රජයේ මූල්‍ය දායකත්වයෙන් යුතුව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති යටතේ කිලෝග්‍රෑම් 5000ක ධාරිතාවකින් යුතු ශීතාගාරයක් ගොවි ජනතාවට පැවරීම ශ්‍රී ලංකාවේ ජපන් රජයේ තානාපති mizukoshi hideaki මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත Azusa kubota අතින් පසුගියදා කල්පිටිය ඉලන්තඩිය ධීවර ගම්මානයේ දී සිදු විය.

සූර්ය බලයෙන් ක්‍රියාත්මක මෙම ශීතාගාරය පරිසර හිතකාමී එකකි. මෙමඟින් අස්වනු හානිය අවම වන අතර ලාභය උපරිම වේ. මෙම වැඩසටහනට සමගාමීව කල්පිටිය, ආණමඩුව සහ ඉඟිනිමිටිය ගොවි සංවිධාන වෙත පුනර්ජනනීය බලශක්ති උපකරණ බෙදා දීම ද සිදු විය.

වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ සංකල්පයකට අනුව මෙම ප්‍රදානයන් සිදු විය. මෙම අවස්ථාවට ආණ්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන, වයඹ පළාත් ප්‍රධාන ලේකම් රංජිත් ආරියරත්න සහ පුත්තලම් දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත් යන මහත්වරු ද සහභාගී වූහ.

කල්පිටිය සමූහ – කුමාරි පද්මලතා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT