Home » වී මිල පහළ දැමීමෙන් ගොවීහූ අසරණයි

වී මිල පහළ දැමීමෙන් ගොවීහූ අසරණයි

by sachintha
February 19, 2024 1:33 am 0 comment

පොලොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයේ මෙවර මහ කන්නයේ මේ දිනවල අස්වනු නෙළන අතර, පෞද්ගලික වෙළෙඳුන් විසින් වී මිල පහළ දැමීමෙන් තමන් දැඩි ආර්ථික දුෂ්කරතාවට පත්ව සිටින බව පොලොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයේ ගොවීහු මැසිවිලි නඟති.

කීරි සම්බා වී කිලෝවක් රුපියල් 109 දක්වාත්, සම්බා වී කිලෝවක් රුපියල් 100 දක්වාත්, නාඩු කිලෝවක් රුපියල් 90 දක්වාත් පහළ දමා ඇති බව ගොවි සංවිධාන නියෝජිතයෝ සහ ගොවීහු ප්‍රකාශ කරති. මෙවර මහ කන්නයේ වී කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා දළ වශයෙන් රුපියල් 120ක පමණ මුදලක් වැය වී ඇති බවත් තමන්ට ලාභයක් ලැබීමට නම් රජය වී කිලෝවක් රුපියල් 150ක මුදලකටවත් මිල දී ගත යුතුව ඇති බව පොලොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයෝ සහ ගොවීහු සඳහන් කරති.

පසුගිය කාලයේ ඇදහැලුණු අධික වර්ෂාවේ බලපෑමෙන් අක්කර දෙකහමාරකින් ලබාගන්නා වී අස්වැන්න විශාල වශයෙන් අඩු වී ඇති බවත් තමන් මීට පෙර කන්නවල අක්කර දෙකහමාරකින් වී කිලෝ 5500ක පමණ ප්‍රමාණයක් ලබාගත් බවත් මෙවර වර්ෂාවේ බලපෑමෙන් හා ගංවතුරට කුඹුරු යට වීම නිසා අක්කර දෙකහමාරකින් තමන්ට ලබා ගැනීමට හැකියාව ඇත්තේ වී කිලෝ 3000ත් 3500ත් අතර ප්‍රමාණයක් බවද ගොවීහු පවසති.

වී කිලෝවකට සහතික මිලක් නියම කර රජය වී මිල දී ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස ද පොලොන්නරුවේ ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති.

 

සිරිපුර – මදුශානි අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT