Home » වැස්සෙන් ගොයම් පෙරළිලා ගිහින්

වැස්සෙන් ගොයම් පෙරළිලා ගිහින්

by sachintha
February 19, 2024 2:36 am 0 comment

 

මහ කන්නය ආරම්භ වූ දා සිටම වැසි ලැබීම් හමුවේ කුඹුරු වගාවලට බරපතළ බලපෑම් ඇති වූ බවත් අස්වනු නෙළීම ආරම්භ කිරීමට ආසන්න සමයේ පවතින සිය ගොයම වැසි හේතුවෙන් පෙරළී ඇතැයි මාතලේ ගොවීහු මැසිවිලි නඟති.

වැසි හේතුවෙන් අර්ධ හා පූර්ණ හානි සිදු වූ සිය කුඹුරුවල ඉතා අපහසුකම් මැද පීදීම් තත්ත්වයට පත්ව ඇති කුඹුරුවල ගොයම වැසි හේතුවෙන් පෙරළී යෑම් මේ වන විට ආරම්භ වී තිබේ. පවත්නා තත්ත්වය හමුවේ පෙරළුණු ගොයමට මීයන් ඇතුළු වන සතුන්ගේ හානි බහුලව ඇති වන බවත් පවත්නා ප්‍රශ්න වෙනුවට එය කබලෙන්ළිපට වැටීමක් යැයි ගොවීහු කියා සිටිති.

මාස තුනකට ආසන්න කාලයක් තුළ මධ්‍යම පළාතේ විවිධ ස්ථානවලට ඇද හැලුණු අධික වැසි හේතුවෙන් ගොවීන්ගේ වගා රැසක් විනාශයට පත් විය. එහෙව් පසුබිමක් තුළ තවදුරටත් ඇතිවන වැසි හා සුළං හේතුවෙන් සිය ගොයම පෙරළී යාම දරාගත නොහැකි බව මාතලේ ගොවීහු කියා සිටිති.

 

නාඋල සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT