අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝග යටතේ අත්අඩංගුවේ පසුවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පානදුර කුඩු සලිඳුගේ මත්ද්‍රව්‍ය ජාලය ඩුබායි සිට මෙහෙයවන අසිත නමැත්තාගේ ඥාති සහෝදරියක වන පැට්ටා අක්කා නමැත්තිය හොරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 10571ක්, ජාවාරමින් උපයාගත් රුපියල් 22 ලක්ෂ 47,450ක් සමඟ පානදුර මහවිල මාදුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි.
සැකකාරිය විකිණීම සඳහා මත්ද්‍රව්‍ය රැගෙන එන බවට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව පොලිස් සැරයන් 428 ජයලාල් මහතා ඇතුළු බුද්ධි නිලධාරීන් යොදවා අනාවරණය කර ගත් තොරතුරු අනුව මෙම වැටලීම සිදු කර ඇත. සැකකාරිය මහවිල මාදුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් කාන්තාවක ලවා සැකකාරිය පරීක්ෂා කිරීමේ දී රහස් ප්‍රදේශයේ සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය ප්‍රමාණය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. සැකකාරිය පදිංචි මහවිල මාධුපිටිය පාර
බැටදීම සඳහා පැමිණෙන පොලිස් නිලධාරීන්ට සපා කෑම සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද දරුණු ගණයේ සුනඛයන් සිව් දෙනෙකුද නිවසේ මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යාම සඳහා ආරක්ෂාව වෙනුවෙන් ඇති බව පොලිසිය කියයි. ඊට අමතරව පැමිණෙන පොලිස් නිලධාරින් දුර සිට නිරීක්ෂණය කිරීම සඳහා යොදවා තිබූ අතර වැටලීම සඳහා පැමිණෙන පොලිස් නිලධාරීන්ට ක්ෂණිකව නිවසට ඇතුළු වීම වැළැක්වීම සඳහා නිවස වටා පිහිටි තාප්පය හා සම්බන්ධ කර යකඩ වැඩක් යොදා ඇතැයි ද පොලිසිය කියයි.
මීට පෙර අවස්ථාවක දී අත්අඩංගුවට ගැනීමට පැමිණි සාජන් මේජර්වරයෙකු සපාකා තුවාල කිරීම සඳහා සම්බන්ධයෙන් මෙම කාන්තාවට එරෙහිව පානදුර අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතින අතර සැකකාරියට එරෙහිව මත්කුඩු ළඟ ලබා ගැනීම සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු දෙකක්ද විභාග වෙමින් පවතින බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
කුඩු සලිඳුගේ මත්ද්‍රව්‍ය ජාලයේ මත්ද්‍රව්‍ය අරන් කිරීම සම්බන්ධයෙන් මෙම සැකකාරියගේ පියා ස්වාමිපුරුෂයා සහ වැඩිමල් සහෝදරයාද මේ වන විටත් පොලිස් අත්අඩංගුවේ පසුවෙන බව පැවසීය.
අත්අඩංගුවට ගත් 26 හැවිරිදි සැකකාරිය පානදුර පින්වත්ත පොලිසි ස්ථානය වෙත ඉදිරිපත් කරන රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතය.
පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සමන්තිලක වැලිවිට මහතාගේ නියෝග පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර, උප පොලිස් පරික්ෂක සඳරුවන් , රත්නායක, ජයලත්පොලිස් සැරයන් වරුන් වන 428 ජයලාල් 51068 පුෂ්පකුමාර 6462 බණ්ඩාර ඇතුළු පොලිස් කොස්තාපල්වරු කණ්ඩායමක් වැටලීම සිදුකළහ.
බණ්ඩාරගම බිමල් ජයසිංහ පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක