සැමියා සිය නිවෙසේ දී සිරුරුට ගිනි ඇවිළි රෝහල් ගත කිරීමෙන් පසුව අතුරුදන්ව සිටි බිරිඳ වසර 11කට පසුව කිරිබත්ගොඩ පොලිසිය මගින් ඉකුත් සිකුරාදා ( 16 වැනිදා ) රාත්‍රීයේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක රෝභණ නන්දසිරි මහතාට මේ කාන්තාව කිරිබත්ගොඩ පුදේශයේ නිවෙසක සැගවී සිටින බවට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ඇය අත්අඩංගුවට ගැනීමට හැකිවිණි.
ඉකුත් 2013 වසරේ නොවැම්බර් මස 08 වැනිදින රාත්‍රී කාලයේ ගෝනවල, තල්වත්ත පුදේශයේ පිහිටි සිය නිවෙස තුලදී සැමියාගේ සිරුරට ගිනි ඇවිළි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමත් සමඟ ම සිය බිරිඳ අතුරුදන් වු බව කියති.
මේ අනුව බිරිඳගෙන් මේ සිද්ධිය සම්බන්ධව පුකාශයක් ලබා ගැනීමට ඇය සොයා ගැනීමට නොහැකි වු අතර සැමියාගේ එම මරණය ගැන විවෘත තීන්දුවක් ද දී තිබිණි.
මේ සිද්ධියෙන් මිය ගියේ ගෝනවල, තල්වත්ත පදිංචිව සිටි චන්දන පුෂ්පකුමාර නමැති තිස්නව හැවිරිදි දෙදරු පියෙකී. කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුසන්ත කුමාර මහතාගේ උපදෙස් අනුව අත්අඩංගුවට ගත් සැකකාර පනස්පස් හැවිරිදි දෙදරු බිරිඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෙරේදා කැලණිය පොලිසියට භාර දෙන ලදී.
මල්වාන සමුහ මහානාම විතානගේ