අභියාචනා මඟින් අලුතින් 14ක් එකතු කරලා
ජාතික ඉහළ කාර්ය සාධන වැඩසටහන යටතේ, එම සංචිතයට ක්‍රීඩා 12කින් දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 58ක් තෝරා ගනියි. ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය එම ඉහළ කාර්ය සාධන සංචිතයට ලැබී ඇති අතර , මේ වසරේ පැවැත්වෙන ‘පැරිස් ඔලිම්පික්’ උලෙළ දක්වා එහි පුහුණු කටයුතු සිදු කෙරෙනු ඇත. මේ පුහුණු සංචිතයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබන ජූලි මස 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වෙන ‘පැරිස් ඔලිම්පික්’ උලෙළට සුදුසුකම් ලැබීම වෙනුවෙන් සියලු ප්‍රතිපාදන ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් ලබා දීමට සූදානම් වේ.
මේ වෙනුවෙන් විශේෂ කැබිනට් පත්‍රිකාවක් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ බවත්, ‘පැරිස් ඔලිම්පික්’ ඔලිම්පික් උලෙළ සඳහා සහභාගි වීමට අවශ්‍ය සියලු පහසුකම් සහ අරමුදල් ඒ තුළින් ලබා ගැනීමේ හැකියාව උදාවී ඇති බවත් ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ෂෙමාල් ප්‍රනාන්දු මහතා පැවසීය. මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මාසික දීමනාවක් හිමිවන අතර, සුදුසුකම් ලබා ගැනීමේ තරගවලට සහභාගි වීමේ අවස්ථා උදා කෙරේ.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 44කගේ මුල් ලැයිස්තුවට විවිධ හේතු මත මඟ හැරුණු අභියාචනාවලින් තෝරාගත් තවත් 14ක් එක් කර ගැනීමට හැකියාව ලැබී ඇත. මලල ක්‍රීඩා (19), බැඩ්මින්ටන් (1), බොක්සිං (2), කිමිදුම් (1), ජිම්නාස්ටික් (2), ජූඩෝ (1), වෙඩි තැබීම (2), ස්කොෂ් (1), පිහිනුම් (1), බර ඉසිලීම (2), මල්ලවපොර (1) හා පැරා ක්‍රීඩා (25) මේ ඉහළ කාර්ය සාධන සංචිතයට ඇතුළත් වේ.
මලල ක්‍රීඩා – යුපුන් අබේකෝන් (මී. 100), අරුණ දර්ශන (මී. 400), කාලිංග කුමාරගේ (මී. 400), ආර්.එම්.ආර්.එන්. රාජකරුණා (මී. 400), පබසර නිකූ (මී. 400), පසිඳු කොඩිකාර (මී. 400), එච්.වී.ඩී. දේශාන් (මී. 400), ආර්. නදීශා (මී. 400), තරුෂි කරුණාරත්න (මී. 800), ගයන්තිකා අබ්රත්න (මී. 800, 1500) දිල්හානි ලේකම්ගේ (හෙල්ල විසි කිරීම), ජේ.එච්. උත්තරා (මී. 400 සහාය), හර්ෂනී ප්‍රනාන්දු (මී. 400 සහාය), සයුරි ලක්ෂිමා මෙන්ඩිස් (මී. 400 සහාය), වයි.එම්.සී. යෝධසිංහ (මී. 100), සාරංගි ද සිල්වා (දුර පැනීම), රන්දි කුරේ (තුන් පිම්ම), ජේ.අයි. ලක්විජය (110 කඩුලු), රුමේෂිකා රත්නායක (මී. 200)
බැඩ්මින්ටන් – විරේන් නෙත්තසිංහ
(පිරිමි ඒකල)
බොක්සිං – උමයංග මිහිරාන් (කි. ග්රෑ. 51), රුක්මාල් ප්‍රසන්න (කි. ග්රෑ. 57)
දිය පිමි – දුලාංජන ප්‍රනාන්දු
(මී. 3 ස්ප්‍රින් බෝඩ්)
ජිම්නාස්ටික් – නදිලා නෙත්විරු (කලාත්මක ජිම්නාස්ටික්), මිල්කා ගිහානි (කලාත්මක ජිම්නාස්ටික්)
ජූඩෝ – ආර.සී.එන්. ධර්මවර්ධන
(කි. ග්රෑ. 75)
වෙඩි තැබීම – අමන්දිකා අමරසිංහ (මී. 10 එයාර් රයිෆල්), ගවින් ජයසේකර (ට්‍රැප්)
ස්කොෂ් – රවිඳු ලක්සිරි (පිරිමි ඒකල)
පිහිනුම් – අකලංක පීරිස් (මී. 50 පසුපස ආර)
බර ඉසිලීම – වයි.ඩී.අයි. කුමාර (කි. ග්රෑ 55), ඩී.එම්.අයි.සී. දිසානායක (කි. ග්රෑ. 73)
මල්ලවපොර – අහිංසා ප්‍රනාන්දු (කි. ග්රෑ. 53 නිදහස් ආර)
පැරා ක්‍රීඩා – යූ.ජී.එස්. කුමාර (පිරිමි – එයාර් රයිෆල්), නෙරංජලා රණසිංහ (කාන්තා – එයාර් රයිෆල්), කැලුම් සූරියකුමාර (පිරිමි – එයාර් රයිෆල්), සම්පත් බණ්ඩාර (දුනු විදීම), ඩබ්.අයි.ජේ.එන්. වීරතුංග (දුනු විදීම), ප්‍රියන්ත හේරත් (හෙල්ල), සමිත දුලාන් (හෙල්ල), මධුරංග සුබසිංහ (මී. 400), ප්‍රදීප් සෝමසිරි (මී. 1500), නුවන් ඉන්දික (දුර පැනීම), පාලිත බණ්ඩාර (යගුළිය විසි කිරීම), කුමුදු ප්‍රියංකා (දුර පැනීම), අනිල් ප්‍රසන්න (මී. 100), බුද්ධික ඉන්ද්‍රපාල (මී. 100), දනනි ධනංජනා (දුර පැනීම), අමිල ප්‍රසාන් (මී. 400), දේශාන් සිල්වා (යගුළිය විසි කිරීම), හේෂාන් ප්‍රනාන්දු (දුර පැනීම), සුජීව පෙරේරා (බැඩ්මින්ටන් – පිරිමි ඒකල), ප්‍රියමාල් ජයකොඩි (ඔරු පැදීම), ගලීනා බස්නායක (පිහිනුම් මී. 400 නිදහස් ආර), නවීඩ් රෂීන් (පිහිනුම් මී. 400 නිදහස් ආර), ඩී.ඩී. සිල්වා (මේස පන්දු), ඩී. එස්. ආර්. ධර්මසේන (රෝද පුටු ටෙනිස්), ගාමිණී දිසානායක (රෝද පුටු ටෙනිස්).
ප්‍රින්ස් ගුණසේකර