Sunday, May 11, 2025
Home » ලංකාවේ තේ, රබර් හා පොල් වගාවන් ගැන සුබ පණිවිඩයක්

ලංකාවේ තේ, රබර් හා පොල් වගාවන් ගැන සුබ පණිවිඩයක්

by chanaka
February 19, 2024 1:36 pm 0 comment

ශ්‍රී ලංකාවේ තේ, රබර් හා පොල් වගාවන් සංවර්ධනය සඳහා සහයෝගය ලබා දීමට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අවධානය යොමු කරන ලද බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අප රටේ වී වගාව හා අනෙකුත් අතිරේක බෝග වගාවන්ට අමතරව තේ, පොල් හා රබර් යන වැවිලි බෝග වගාවන් සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

37 වන ආසියා පැසිෆික් කලාපිය සමුලුවට සහභාගි විමට ඊයේ (18) දිවයිනට පැමිණි එක්සත් ජාතින්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr. Qu Donguyi මහතා ඇතුලු පිරිස ඊයේ දින ඇල්පිටිය අතුකෝරල තේ කර්මාන්ත ශාලාව හා අගලවත්ත රබර් පර්‍යේෂණායතනය නිරීක්ෂණය කළේය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාද එක්විය. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් UNFAO අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කළ ඉල්ලිමක් පරිදි මෙම නිරීක්ෂණ චාරිකාව සිදු කරනු ලැබීය.

මෙම පිරිස පළමුව අතුකෝරළ වතු සමාගමේ තේ නිෂ්පාදන නිරීක්ෂණය කළ අතර ශ්‍රී ලංකාවේ තේවල ඇති ඉමහත් රසය හා ගුණාත්මකභාවය සම්බන්ධව තම සතුට පළ කළේය.

ශ්‍රී ලංකාවේ වී හා අනෙකුත් භෝගවලට මෙන්ම තේ, රබර් හා පොල් වැනි වැවිලි භෝග සඳහාත් ඉදිරියේදී ආධාර ලබා දීම කෙරෙහි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවධානය යොමු වී ඇතැයි අමාත්‍යවරයා මෙහිදී මාධ්‍යයට අදහස් පළ කරමින් සඳහන් කළේය.

සාම්ප්‍රධායික ලෙස දැනට සිදු කෙරෙන රබර් කිරි කැපීම සඳහා හඳුන්වා දීමට නියමිත රොබොටික් යන්ත්‍රය යොදාගනිමින් රබර් කිරි කැපීමද මෙහිදී ප්‍රදර්ශනය කළේය. දැනට මෙම කර්මාන්තයේ ඉදිරි කටයුතු සඳහා පවතින ශ්‍රම හිඟයට පිළියම් වශයෙන් මෙවැනි යාන්ත්‍රික ක්‍රම අත්හදා බලන බව සඳහන් කළ අමාත්‍යවරයා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැහැදිලි කළේය.

එමෙන්ම තේ, පොල් හා රබර් වගාව නඟා සිටුවීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති පියවර සම්බන්ධව පැමිණ සිටි පිරිස විමසනු ලැබීය. ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා තේ, පොල් සහ රබර් වගාවන් සඳහා ද සහන මිලක් යටතේ පොහොර ලබා දීමට කටයුතු යොදා ඇති බව සඳහන් කළේය. රජයට අයත් පොහොර සමාගම් දෙක මගින් නිෂ්පාදනය කරනු ලබන පොහොර එසේ ලබා දෙන බවත් සඳහන් කළේය.

කෙසේ වුවද ශ්‍රී ලංකාවේ තේ වගාව සම්බන්ධව ඉතා ඉහළ උනන්දුවක් පළකළ අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකා තේ වර්ග රැසක් මෙන්ම කිතුල් හකුරු ද ඉතා ඉහලින් අගය කළේය.

හෙට (20) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන 37 වන ආසියා පැසිෆික් කළාපීය සමූළුව සාර්ථක කර හැනීම සඳහා මේ වනවිට සියලු කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා පැවසීය.

පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදයෙන් පසු මෙරට පැවැත්වෙන වැඩිම රාජ්‍ය නියෝජිතයින් සහභාගී වන එකම සමූළුව මෙය වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT