2017 වර්ෂයේ කොළඹ විශ්වවිද්‍යාලයේ පැවැති උපාධි ප්‍රදානෝත්සවයකදී පදක්කම් ද්විත්වයක් සහ ශිෂ්‍යත්වයක් ලබා ගනිමින් කණ්ඩායමේ හොඳම ශිෂ්‍යයාව වෙච්ච ලස්සන ගෑනු ළමයා කවුද කියල එදා හැමෝම කතා වුණා. හැමදේටම දක්ෂ ඔයා කොහොමද මේ විදියට අපිව තනි කරලා ගියේ යනුවෙන් ඇය වෙනුවෙන් ලියපු වදන්වලින් මුහුණු පොත පිරිලාය.
කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු නර්තනයට ගායනයට වාදනයට දක්ෂ ශිෂ්‍යාවක වූ ලක්මිණි චූලෝත්තමා බෝගමුව (27) අද නිසලව පෙට්ටියක් මත උඩුකුරුව සිටින ආකාරය දැක ඇයගේ සමීපතයින් කිසිවක් සිතා ගත නොහැකිව කඳුලු සලයි.
කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව මහතාගේ එකම දරුවා වන කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයනාංශයේ සහකාර කථිකාචාර්යවරිය වූ ලක්මිණි බෝගමුව (27) දියණිය බත්තරමුල්ල වික්‍රමසිංහපුර මංසන්ධිය ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සදහටම දෙනෙත් පියාගෙන අවසන්ය.
කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයෙන් සහ කොළඹ විශාඛා විද්‍යාලයෙන් ඉගෙනුම ලබා කොළඹ විශ්වවිද්‍යාලයට තේරී පත්ව 2017 වර්ෂයේ පැවති උපාධි ප්‍රදානෝත්සවයේදී අන්තර්ජාතික සබඳතා පිළිබඳ විශේෂ දක්ෂතා දැක්වූ ශිෂ්‍යයවට හිමි අමරා මොහොට්ටි අනුස්මරණ කුසලානය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ මහාචාර්ය ෂෙල්ටන් කොඩිකාර විශේෂ කුසලානය මෙන්ම ජාත්‍යන්තර සිවිල් සේවකයන්ගේ සංගමය මඟින් ලබාදුන් ශිෂ්‍යත්වයට හිමිකම් කීමට ද ඇය සමත් වූවාය.
තමන් සමඟ එකට ඉගෙනුම ලැබූ සහෝදර සහෝදරියන්ගේ මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය තුළ ඉගෙනුම ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේද නොමඳ ආදරය දිනාගත් තරුණියක වූ ලක්මිණි බෝගමුවට මුහුණ දීමට සිදුවූ හදිසි අනතුර සම්බන්ධව සියලු දෙනා සිටින්නේ දැඩි ශෝකයෙනි.
කෙසේ වුවද දැන් ඇය ජීවිතය හැරගොස් අවසානය. ඇයගේ දේහය පිළිබඳ ආගමික වතාවත් 10 පටුමඟ වික්‍රමසිංහපුර බද්‍රමූල ලිපිනයේ පිහිටි නිවසේදී සිදුකර අවසන් කටයුතු අද (21) දින සවස 5ට තලවතුගොඩ වැලි පාර පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත වේ.
මීගොඩ බී.කේ. කත්‍රිආරච්චි