Home » ඉඳුවරී කලායතන සිසුසු පායිම්පත් පලඳිති

ඉඳුවරී කලායතන සිසුසු පායිම්පත් පලඳිති

by sachintha
February 21, 2024 3:56 am 0 comment

පිය උරුමයෙන් ලද පාරම්පරික නැටුම් කලාව රැකගනිමින් අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් නව සිසුන් පිරිසකට ශිල්ප ලබා දෙන ගයානි චමිලා කුමාරි රුද්‍රිගු මහත්මියගේ සිසුන් පිරිසකගේ පායිම්පත් පැලඳවීමේ උත්සවය පසුගියදා මතුගම වලගෙදර සිරි නිවාස පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්විය.

දෙස් විදෙස්හි සුපතල පහතරට නර්තන ශිල්පීන් වන මීගහතැන්නේ පේරැස් රුද්‍රිගු හෙවත් පොඩිමහත්තයා නම් පාරම්පරික ජ්‍යෙෂ්ඨ නර්තන ශිල්පියාගේ පුත්‍රයා වන ඉන්ද්‍රසේන රුද්‍රිගු නර්තන ශිල්පියාගේ දියණියක් වන ගයානි චමිලා කුමාරි රුද්‍රිගු මහත්මිය මතුගම වලගෙදර පවත්වාගෙන යනු ලබන ඉඳුවරී කලායතනයේ සිසුන් පිරිසකට පායිම්පත් පැලඳවීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්විය. මෙම අවස්ථාව අලංකාර නර්තන රැසකින් සමන්විත විය.

මතුගම සමූහ – බී. ටී. තඹවිට

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT