377
වාලච්චේන පොලිස් වසමේ කුලාවඩිච්චේන ප්රදේශයේ දී ඊයේ (23) රාත්රියේ කැත්තකින් පහර දී කාන්තාවක් ඝාතනය කර තිබේ.
මරණකාරිය වයස අවුරුදු 48ක කුලාවඩිච්චේන – වාකනේරි ප්රදේශයේ පදිංචිකාරියක් බව පොලිසිය පවසයි.
පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මරණකාරියගේ දියණියගේ පුරුෂයා විසින් මෙම පහර දීම සිදු කර ඇති බව අනාවරණය වී ඇත.
සැකකරු ප්රදේශයෙන් පළා ගොස් ඇත.
ඔහු ඉකුත් පෙබරවාරි 10 වැනි දා මරණකාරියගේ පුරුෂයාට පොල්ලකින් පහර දී ඝාතනය කළ සිද්ධියකට අදාළ ව සිරගත ව සිට ඇප මත නිදහස ලබා සිටින අවස්ථාවක මෙම අපරාධය ද සිදු කර තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.