Sunday, May 11, 2025
Home » දඹුලු ‘නෝබෝල්’ සිද්ධියේ වනිඳු ගැන තීර­ණය අද

දඹුලු ‘නෝබෝල්’ සිද්ධියේ වනිඳු ගැන තීර­ණය අද

ලෝක කුස­ලා­න­යට පෙර ඇති බංග්ලා­දේශ සංචා­රය අහිමි කරයි ද?

by damith
February 24, 2024 1:20 am 0 comment

ප්‍රින්ස් ගුණ­සේ­කර

ශ්‍රී ලංකාව හා ඇෆ්ග­නි­ස්තා­නය අතර රංගිරි දඹුලු ක්‍රීඩාං­ග­ණයේ පැවැති අව­සන් විස්සයි 20 තර­ගයේ අව­සන් පන්දු ඕව­ර­යේදී ඇතිවූ ‘නෝබෝල්’ සිද්ධිය සම්බ­න්ධ­යෙන් විනි­සුරු ලින්ඩල් හැනි­බල් ප්‍රසි­ද්ධියේ විවේ­ච­නය කළ නායක වනිඳු හස­රං­ගට දඬු­වම් පමු­ණු­ව­න්නේද? නැද්ද? යන තීර­ණය ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය අද ලබා­දී­මට නිය­මි­තය. යම් හෙය­කින් මේ චෝද­නා­වට අදා­ළව වනිඳු හස­රං­ගට තරග තහ­න­මක් පැන­වු­ව­හොත් විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලි­යට පෙර ශ්‍රී ලංකාව සහ­භාගි වන බංග්ලා­දේශ තර­ගා­ව­ලිය ඔහුට අහිමි වේ.

කෙසේ වුවද මේ තර­ග­යේදී ‘නිප­න්දුව’ ලබා නොදී­මෙන් වර­දක් කළ විනි­සු­රු­වන්ට දඬු­ව­මක් ලබා­දී­මට අයි­සී­සීය පිය­වර නොගැ­නීම සම්බ­න්ධ­යෙන් විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කර­මින් සිටිති. අයි­සීසී ක්‍රිකට් නීති අනුව ‘පන්දු යව­න්නකු විසින් යවන ලද බිම පතිත නොවන පන්දු­වක්, පිති­ක­රණ රේඛාව පසු කරද්දී පිති­ක­රුගේ ඉණට ඉහ­ළින් නම් එය නිප­න්දු­වක් වන්නේය’ ලෙස සඳ­හන් වන බැවින් කමිඳු මෙන්ඩිස්ගේ සිද්ධිය අනුව විනි­සුරු පැහැ­දි­ලි­වම වර­දක් කොට ඇත. එවැනි පන්දු­වක් ගමන් කිරී­මේදී ‘ලෙග් අම්ප­යර්ගේ’ සහාය ලබා ගැනීම සිදු­වන අතර, නිප­න්දුව සංඥා කිරීමේ වග­කීම විනි­සු­රු­වන් දෙදෙ­නා­ගෙන් කුමන හෝ කෙනෙකු සිදු කළ යුතුය.

ශ්‍රී ලංකාව ලැබූ පරා­ජ­යෙන් පසු ක්‍රීඩා පිටි­යේදී මත­භේ­දා­ත්මක ලෙස විනි­සුරු ලින්ඩල් හැනි­බල් විවේ­ච­නය කිරීම සම්බ­න්ධ­යෙන් නායක වනිඳු හස­රං­ගට ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලයේ (ICC) ආචාර ධර්ම කඩ­කළ බවට චෝදනා එල්ල විය. හස­රං­ගගේ හැසි­රීම සම්බ­න්ධ­යෙන් විනි­සුරු ලින්ඩල් හැනි­බල් තරග තීරක එංග­ලන්ත ජාතික ක්‍රිස් බ්‍රෝඩ් මහතා වෙත පැමි­ණි­ල්ලක් ඉදි­රි­ප­ත්කොට ඇති අතර ඒ සම්බන්ධ පරී­ක්ෂ­ණ­යක් ආරම්භ විය. එම පරී­ක්ෂ­ණයේ ප්‍රති­ඵ­ලය ශ්‍රී ලංකා ක්‍රිකට් කවු­න්සි­ලය වෙත අද දිනයේ ලබා දීමට නිය­මි­තව ඇතැයි පැවසේ.

තර­ග­යෙන් අන­තු­රුව හස­රං­ගගේ හැසි­රීම අයි­සීසී චර්යා­ධර්ම සංග්‍ර­හය යටතේ වර­දක් බවට චෝදනා කර­මින් තරග විනි­සුරු චෝදනා එල්ල කර තිබූ අතර, හස­රං­ගගේ පෙර වැර­දි­ව­ලින් වාර්තාවී ඇති වැරදි ලකුණු ද මේ තීන්දුව ලබා­දී­මේදී ගණ­නය කිරී­මට තීර­ණය වී ඇත.

වනිඳු මෙයට පෙර 2022 වස­රේදී ඇෆ්ග­නි­ස්තා­නය සමඟ තර­ග­ය­කදී නජි­බුල්ලා සද්‍රාන් කඩුල්ල මුවා කිරීමේ වර­දට හසු­වූ­වකු ලෙස පිටියේ විනි­සුරු දැවී යෑම සට­හන් කළ ද, තෙවැනි විනි­සුරු විසින් එය නොදැ­වී­මක් ලෙස තහ­වුරු කළේය. එහිදී වනිඳු එම තීර­ණ­යට සිය විරු­ද්ධ­ත්වය ප්‍රකාශ කර­මින් එම තීර­ණය පෙන්වූ රූප­වා­හිනී තිර­යට සිය දෑත් දික් කිරීම වර­දක් ලෙස තීර­ණය කොට වනි­ඳුගේ විනය වාර්තා­වට එක් අසාදු ලකුණු එක් කළේය.

එවිට පිටියේ විනි­සු­රු­වන් වූ නිටින් මෙනන්, ලින්ඩන් හැනි­බල් දෙදෙ­නාත්, තෙවැනි විනි­සුරු වූ රවීන්ද්‍ර විම­ල­සිරි සහ සිවු­වැනි විනි­සුරු වූ රුචිර පල්ලි­ය­ගු­රුගේ යන මහ­ත්වරු පැමි­ණිලි කළහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT