Home » කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේව මංගල්‍යය සාර්ථකව නිමා වෙයි

කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේව මංගල්‍යය සාර්ථකව නිමා වෙයි

by sachintha
February 26, 2024 1:54 am 0 comment

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මුහුදු සීමාව ආසන්නයේ පිහිටි කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය පසුගිය 23 සහ 24 දෙදින යාපනය පදවිය භාර පී. ජෝශප්දාස් ජෙබරත්නම් පියතුමන් විසින් දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.

මේ අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒ්කනායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ්. සිවබාලසුන්දරම්, යාපනය දිස්ත්‍රික්කයේ මහාධිකරණ විනිසුරුවරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූහ.

අනවසර ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීමට විරෝධය දැක්වීමක් වශයෙන් ඉන්දීය ධීවර යාත්‍රා නොපැමිණීම නිසා දේව මංග්‍යයට සහභාගීවීමට අපේක්ෂාවෙන් සිටි 3,000ක පමණ ඉන්දීය බැතිමතුන්ට මේ අවස්ථාවට සහභාගී විය නොහැකි විය. එහෙත් දෙරටේ සුහදත්වය වර්ධනය කරමින් යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් කාර්යාලයේ නියෝජිතයෝ වාර්ෂික දේව මංගල්‍යයට පැමිණ සිටියහ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් කච්චතිව් දූපතේ ඉදිකළ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීමට යටිතල පහසුකම් සැපයීමෙන් නාවික හමුදාව විශාල දායකත්වයක් සපයයි. වන්දනාවට සහභාගී වන දහස් සංඛ්‍යාත බැතිමතුන්ට අවශ්‍ය ආහාර, පානීය ජලය හා සනීපාරක්ෂක පසුකම් නොමිලේ සැපයීමට අමතරව මංගල්‍යයේ කටයුතු සංවිධාන කිරීමට ද ඔවුන් සහාය වේ.

එහිදී නාවික හමුදාව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ඩෙල්ප් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහාය ඇතිව තාවකාලික කුටි, තාවකාලික මාර්ග හා ජැටි සකස් කිරිමට මෙන්ම විදුලිය, බැතිමතුන්ගේ ආරක්ෂාවට ජීවිත ආරක්ෂක කණ්ඩායම්, වෛද්‍ය කාර්ය මණ්ඩල ද යෙදවීම සිදුවේ.

දේව මංගල්‍ය උත්කර්ෂවත්ව නිමාවට පත්වීම සිහිවීම සඳහා උතුරු නාවික විධානයේ ආඥාපති රියල් අද්මිරාල් කාංචන බානගොඩගේ මහතා පොල් පැළයක් සිටුවන ලදී.

චන්දන ජයවීර සහ වව්නියාව රසාදි චතුරංගි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT