ගණිකා වෘත්තිය නීතිගත කිරීමට සූදානම් වන පක්ෂයෙන් තමන් අසන්නේ ගණිකා වෘත්තිය නීතිගත කළ විට මේ රටේ කාන්තාවන්ගේ සියලුම ප්රශ්න විසදෙනවාදැයි සමඟ ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රි රෝහිණී කුමාරි කවිරත්න මහත්මිය ප්රශ්න කරයි. අද කාන්තාවන්ගේ ගැලවුම් කාරයා යැයි කියා ගන්නා පක්ෂයක් එදා සුවහසක් කාන්තාවන්ගේ ඇස්වලට කඳුළු ගෙනා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රිවරිය සිහිපත් කළාය.
මහනුවර 24දා පැවැති සමඟි වනිතා සමුළුව අමතමින් මන්ත්රීවරිය මේ බව සඳහන් කළාය.
සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රි රෝහිණී කුමාරි කවිරත්න මහත්මිය වැඩිදුරටත් අදහස් දක්වමින්, මේ ඇවිල්ල ඉන්න උඩරට මැණිකෙලා ටික හිනාවෙන්නේ පපුව ඇතුළේ ගින්දර තියාගෙන බව අපි දන්නවා. අද ආණ්ඩුවත් බංකොලොත් ජාතික ජන බලවේගයත් බංකොලොත්.
ඔයගොල්ලන් දකින්න ඇති කාන්තාවන්ගේ ගැලවුම් කාරයා කියා ගන්න එක පක්ෂයක් ගණිකා වෘත්තිය නීති ගත කරනවා කියනවා.
මට අහන්න ඕන ඒ කතා කරන පක්ෂයෙන්, මේ රටේ කාන්තාවන්ගේ සියලුම ප්රශ්න මේ ගණිකා වෘත්තිය නීති ගත කරාම ඉවරවෙනවාද කියලා. ගණිකා වෘත්තියෙන් දරුවන්ට කන්න දෙන්න කැමැති අම්මලා ඉන්නවාද. අද රටේ කාන්තාවන්ගේ ගැලවුම් කරුවෝ කියන අය එදා මේ රටේ සුවහසක් මව් වරුන්ගේ ඇස්වලට කඳුළු ගෙනාවා.
මේ අය හැමදාම මේ රටේ කාන්තාවන්ට ස්වාමි පුරුෂයන් නැති කරා. ආදරණීය දරුවො නැති කරා. කොයි දරුවද පාසල් යවන්නේ කියන ප්රශ්නය අද අපේ රටේ ගෙවල්වල තියෙනවා. හරියට කන්න දුන්නොත් පාසල් යවන්න බැහැ. පාසල් යවන්න ගත්තොත් කන්න දෙන්න බැහැ.