මීගමුව පමුණුව මාර්ගයේ ලෙල්ලම අසලදී තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි
යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු මිය ගියේය
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පරීක්ෂණ සිදුකළ අතර ඒ අනුව අපරාධය සදහා භාවිත කළ යතුරු පැදිය ප්‍රවාහනය කිරීම හා සගවා තබා ගැනීම යන චෝදනා යටතේ සැකකරුවන් දෙදෙනෙකු කටාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 32 ක හා 40 යන වයස්වල පසුවන බදුවත්ත හා අම්බලයාය ප්‍ර දේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.
මෙම සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්නකිරීම් වලදී අපරාධය සදහා පැමිණි යතුරු පැදිය ද සොයා ගෙන ඇත.