Saturday, May 10, 2025
Home » සැමියාගේ මළ සිරුර රහසේ නිවස තුළ තබාගත් බිරිඳ

සැමියාගේ මළ සිරුර රහසේ නිවස තුළ තබාගත් බිරිඳ

by yasara
February 26, 2024 10:50 am 0 comment

සැමියාගේ මළසිරුර දින තුනක් පමණ නිවස තුල තබාගෙන සුරතලයට ඇතිකරන සුනඛයා සමග සිටී කාන්තාවක නිවසෙ ඉදිරිපස දොර කඩා ඉවතට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .

අඹුසැමි යුවලක් පමණක් පදිංචිව සිටින  නිවසකින් අධික දුගඳක් හමන බවට ඊයේ (25) රාත්‍රි පානදුර දකුණ පොලිසියට  ලද තොරතුරක් මත පොලිස් නිළධාරින් පිරිසක් එහි ගොස් තිබේ.

පොලිසිය  එහි යනවිට මියගොස් ඇති පුද්ගලයාගේ බිරිද  නිවසේ දොරගුලු වසාගෙන සිට ඇති බවත් ඒවා කඩා නිවසට ඇතුළුවී පරීක්ෂා කිරීමේදී ඇදක් මත මුනින් අතට තිබූ මළසිරුර සොයාගත් බවත් පොලිසිය කීය.

පානදුර ඇටඹගොඩවත්ත, ජනජය නිවාස සංකීර්ණයේ පදිංචිව සිටී අත්තනායක මුදියන්සේලාගේ ජගත් බණ්ඩාර නමැති (52) හැවිරිදි  පුද්ගලයකු මෙලෙස මියගොස් ඇති බව පොලිසිය කීය.

මියගොස් ඇති පුද්ගලයා ගේ බිරිඳ කිසියම් මානසික රෝග තත්ත්වයකින් පෙලෙන බවට සැක පලකරන උසස් පොලිස් නිළධාරීයෙක් කීය.

පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන්ද එදින රාත්‍රි යේම  පරීක්ෂණ සිදුකරන ලදී.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා පානදුර මූලික රෝහලට රැගෙන යනු ලැබීය.

ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ ,සහකාර පොලිස් පරීක්ෂක නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT