රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම හේතුවෙන් රටේ සංවර්ධනය අඩාළ වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ රටේ සංවර්ධනක්‍රියාදාමේදී මධ්‍යම ආණ්ඩුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතන අතරඒකාබද්ධ සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවයි.
කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා (22) පැවති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ඇමතිවරයා මෙම අදහස් පළ කළේය.
කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව එහි සම සභාපතිවරුන් වන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් සහ වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ මධ්‍යම ආණ්ඩුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතන සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ යෝජනා සැකසීමේදී ග්‍රාමීය ජනතාවගේ අවශ්‍යතාවය පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි.
දිස්ත්‍රික්සම්බන්ධීකරණ කමිටුව හරහා මෙම ආයතන අතර ඒකාබද්ධ සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය බවද ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ඇතැම් පළාත්වල මධ්‍යම ආණ්ඩුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතන සංවර්ධන ව්‍යාපෘති සැකසීමේදී එකඟතාවයකින් තොරව ක්‍රියා කිරීම නිසා මහජන නියෝජිතයන් හා අදාළ ආයතන අතර ගැටුම් ඇතිව තිබෙන බවත්, මෙම කඹ ඇදීම හේතුවෙන් ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභ නොලැබෙන තත්ත්වයක් ඇතිව තිබෙන බවත් ඇමතිවරයා මෙහිදී කීවේය.
“මධ්‍යම ආණ්ඩුව කරන දේ දේ පළාත් සභාව දන්නෙ නෑ. පළාත් සභාව කරන දේ පළාත් පාලන ආයතන දන්නේ නෑ. ඒ නිසා මෙම ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් පවත්වාගන්න ඕන. එහෙම නැති වුනොත් රටේම සංවර්ධනය අඩාල වනවා. සියලු ව්‍යාපෘති හදුනා ගන්න ඕන ග්‍රාමීය කමිටුව හරහා. සියලුම අධීක්ෂණ කටයුතු කරන්න ඕන එම කමිටුව හරහායි. ග්‍රාමීය මට්ටමින් ව්‍යාපෘති හදුනා ගැනීමේදී ගැටළුවක් අවොත් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත්කරන්න. එතනින් විසදුමක් දෙන්න බැරි නම් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට එවන්න. එතනින් විසද ගන්න බැරිනම් අගමැතිතුමා ඉන්න ජාතික කමිටුවට එවන්න. ව්‍යාපෘති හදුනා ගැනීමේදී පළාත්වල මධ්‍යම ආණ්ඩුව, පළාත් සභාව සහපළාත් පාලන ආයතන වශයෙන් වෙන් වෙන්ව ඒවා හදුනා ගන්න. පටන් ගන්න දිනය, අවසන් කරන දිනය ඇතුළත්ව දින වකවානු සහිතව සැලසුම් සකස් කරන්න. එතකොට අපි හැමෝටම වැඩ කරන්න ලේසියි.” යනුවෙන්ද පැවසීය.
“කඳුකර දශකය” යනු දස අවුරුදු බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහනකි. රජය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙකරනු ලබන්නේ මෙරට කඳුකර ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ පොදු යටිතල පහසුකම් වැඩිදියුණුකිරීම සදහායි. මේ සදහා මෙවර අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 10,000 කි. මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, මාතර, ගාල්ල, කලුතර, බදුල්ල හා කුරුණෑගල යන දිස්ත්‍රික්ක 10 තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, මාවතගම සහ රිදිගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 03 හි ග්‍රාම නිළධාරී වසම් 229 ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව ඇමතිවරයා මෙහිදී සදහන් කළේය.
ඇමතිවරයා සදහන් කළේ මෙම වැඩසටහන හරහා ජීවනෝපාය සංවර්ධනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, විදුලිබල සහ නිවාස පහසුකම් සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර 10 ක් සංවර්ධනය කෙරෙන බවයි.
ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහනයක් වෙසෙන දිස්ත්‍රික්ක අතරින් තෙවන ස්ථානය හිමිවන්නේ කුරුණෑගල දිස්ත්‍රිකයටයි. විශාලත්වය අතින් තෙවන ස්ථානයද එම දිස්ත්‍රික්කයට හිමිවේ. ඓතිහාසික ඇතුගල් පුරවර යන නාමයෙන් හඳුන්වනකුරුණෑගල දිස්ත්‍රික්කය රාජධානි හතරක් පැවති මෙරට එකම දිස්ත්‍රික්කය වේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 30 කි. ශ්‍රී ලංකාවේ වැඩිම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සංඛ්‍යාවක් ඇති දිස්ත්‍රික්කය වන මෙහි වත්මන් ජනගහනය ලක්ෂ දාහතකට අධිකය.
මෙම දිස්ත්‍රික්කයේ ආර්ථිකය ප්‍රධාන වශයෙන් රදා පවතින්නේ කෘෂිකර්මය මතයි. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.බී. හේරත්, ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්සන් ප්‍රනාන්දු, සුමිත් උඩුකුඹුර, මංජුලා දිසානායක, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්. රත්නායක, වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජිත් ආරියරත්න යන මහත්ම මහත්මීන් සහ රාජ්‍ය නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.