Sunday, May 11, 2025
Home » දඹුල්ල ආර්ථිකය ගැන පැතිරෙන පුවත්ම ගැන ඇමති ප්‍රමිත අදහස් දක්වයි

දඹුල්ල ආර්ථිකය ගැන පැතිරෙන පුවත්ම ගැන ඇමති ප්‍රමිත අදහස් දක්වයි

by yasara
February 26, 2024 11:55 am 0 comment

මෙරට ප්‍රධානතම ආර්ථික මධ්‍යස්ථානය වන දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විදේශීය සමාගමකට විකිණීමට කටයුතු කරන බවට සමාජ ජාලා වල ප්‍රචාරණය වන පුවත සාවද්‍ය පුවතක් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ දඹුල්ල වෙළඳ සංගම් නිලධාරීන් සමඟ ඊයේ (25)  දින පැවති සාකච්ඡාවට සහභාගි වෙමින් අදහස් දක්වමිනි.

මෙම සාකච්ඡාව අතරතුර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුරකතනයෙන් සම්බන්ධකර මෙම පුවත සම්බන්ධයෙන් කරුණු විමසීමක්ද සිදුකරන කර ඇත.

එහිදි කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා සිටියේ ආර්ථික මධ්‍යස්ථාන විකිණීමට රජයේ කිසිදු සූදානමක් නොමැති බවයි.

එබැවින් මෙවැනි අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන ලෙස රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT