Home » කොළඹ නුවර රථ වාහන ගමනාගමනයට බාධා කළ රිය අනතුර

කොළඹ නුවර රථ වාහන ගමනාගමනයට බාධා කළ රිය අනතුර

by yasara
February 26, 2024 12:21 pm 0 comment

කොළඹ මහනුවර මහා මාර්ගයේ දංඕවිට හැලගල ආසන්නයේදි අද ( 26) උදේ සහල් පටවූ කන්ටේනර ලොරියක් පාර හරහා පෙරලීම නිසා සහායකයා තුවාල ලද අතර පැය තුනකට වැඩි වේලාවක් මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා සිදුවිය.

මැදිරිගිරියේ සිට කලුතර බලා සහල් ගෙන යමින් තිබියදී රියදුරාට නින්ද යාම නිසා පාලනය කර ගැනීමට නොහැකිව උදේ 6.30ට පමන මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය අනුමාන කරයි.

පොලිසිය මැදිහත්වීමෙන් සහල් තොගය වෙනත් රථයකට පටවා පිටත් කරවීමට පියවර ගැනීනි.

අනතුරින් තුවාල ලැබූ රිය  සහායකයා වරකාපොළ රෝහලට  ඇතුළත් කර ඇතැයි දංඕවිට  පොලිසියේ රථවාහන අංශය සඳහන් කළේය.

දංඕවිට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුෂ්‍යන්ත පෙරේරා රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගම්ලත් ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT