Home » මත් ජාවාරම්කරුවන් මඩින්න අලුත් වැඩක්

මත් ජාවාරම්කරුවන් මඩින්න අලුත් වැඩක්

by chanaka
February 26, 2024 3:22 pm 0 comment

යුක්තිය මෙහෙයුමින් හදුනාගත් මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්, ස්වකැමැත්තෙන් මත් ද්‍රව්‍ය මෙරටින් තුරන්කිරීමේ සහයකයින් ලෙස දායකත්වය ලබා ගැනීමේ නව වැඩ සටහනක් කහටගස්දිගිලිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඊ .එස් .අබේසේකර මහතා ආරම්භ කර ඇත.

ඒ අනුව කහටගස්දිගිලිය නගරයේ මත් කුඩු, මත් පෙති ඇතුලු විවිධ ජාවාරම් වල නියැලුනු තරුණ ජාවාරම් කරුවන් 20 ට ආසන්න ප්‍රමාණයක් තෝරා ගනිමින් මෙම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන්වල නියමුවන් ලෙස පත් කර ගෙන ඇත.

ඊයේ(25) කහටගස්දිගිලිය පොලිස් ස්ථානයේ දී මෙම නව වැඩ සටහන කහටගස්දිගිලිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඊ .එස් .අබේසේකර මහතා ප්‍රමුක විශේෂ පොලිස් කණ්ඩියමක් විසින් පැවැත්වූහ.

මෙහිදී මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පිළිබඳ සෘජු තොරතුරු ලබා ගැනීම හා එම ජාවාරම් කරුවන් නගරය තුළ ජාවාරම් සිදු කළ ආකාරය පිළිබඳව පූර්ණ සාකච්ඡාවක් පැවැත්වූහ.

මේ අනුව ඉදිරියෙදී කහටගස්දිගිලිය පොලිස් බල ප්‍රදේශයේ දී මතට තිත තැබෑමේ වැඩ සටහන සාර්තකව සිදු කරන බව වැඩිදුරටත් කහටගස්දිගිලිය පොලිසිය පැවැසීය.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT