Saturday, May 10, 2025
Home » උරුමයට ලියාපදිංචි වෙන්න ක්ෂණික ඇමතුම් අංකයක්

උරුමයට ලියාපදිංචි වෙන්න ක්ෂණික ඇමතුම් අංකයක්

by chanaka
February 26, 2024 3:28 pm 0 comment

උරුමය, සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන සඳහා ඉල්ලුම් කිරීමට ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් ලබාදුන් බව ජනාධිපති කාර්යාලය සදහන් කරයි.

ඒ අනුව, දිනපතා පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා 1908 ක්ෂණික ඇමතුම් අංකය සහ 0114 354600/ 0114 354601 දුරකථන අංක ඔස්සේ ජනාධිපති කාර්යාලයේ, උරුමය ජාතික මෙහෙයුම් කාර්යාලය සමඟ සම්බන්ධ වීමෙන් ජනතාවට සිය ඉල්ලීම යොමු කරමින් ලියාපදිංචි වීම සඳහා අවස්ථාව සලසා තිබේ.

එමෙන්ම, www.tinyurl.com/urumaya වෙබ් අඩවිය ඔස්සේ ඩිජිටල් ඉල්ලුම් පත්‍රය පෝරමය පිරවීම මඟින් ද උරුමයට ලියාපදිංචි වීමට පහසුකම් සපයා ඇති බවද ජනාධිපති කාර්යාලය දැනුම් දෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT