Home » නැඟෙනහිර ඉඩම් නීත්‍යනුකූල නොවන ලෙස භාවිත කර තිබේ නම් ඒවාට කඩිනම් විසඳුම් – ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ

නැඟෙනහිර ඉඩම් නීත්‍යනුකූල නොවන ලෙස භාවිත කර තිබේ නම් ඒවාට කඩිනම් විසඳුම් – ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ

by sachintha
February 26, 2024 1:54 am 0 comment

නැඟෙනහිර පළාතේ ඉඩම් යුද සමයෙන් පසු නීත්‍යනුකූල නොවන ආකාරයෙන් භාවිත කර තිබේ නම් ඒ පිළිබඳව ඉඩම් ඇමැතිවරයා සහ නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර විසඳුම් දීමට කඩිනම් පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ නැඟෙනහිර පළාතේ ඉඩම් සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ පෙරේදා (24) මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීය.

යුද සමයෙන් පසු නැඟෙනහිර පළාතේ ඉඩම් නීත්‍යනුකූල නොවන ආකාරයෙන් භාවිත කිරීම් ඇතුළු ජනතාවට පවතින ඉඩම් ගැටලු රැසක් නැඟෙනහිර පළාතේ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ඇමැතිවරයාගේ අවධානයට යොමු කරන ලදි. ඉඩම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ට තිබෙන නීතිමය බලතල සහ හැකියාවන් පිළිබඳව ද ඇමැතිවරයා මෙහිදී ඔවුන්ගේ අවධානයට යොමු කළේය.

අධිකරණ, බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමැති, නීතිඥ අනුරාධ ජයරත්න, ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එන්. රණසිංහ සහ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ. ජේ. මුරලිදරන් මහත්ම මහත්මීන් ඇතුළු නැඟෙනහිර පළාතේ ප්‍රාදේශීය ලේකම්වරු මේ අවස්ථාවට එක් වූහ.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT