Saturday, May 10, 2025
Home » අහිතකර පළිබෝධනාශක වික්ක කඳපොල වෙළෙන්දා මාට්ටු

අහිතකර පළිබෝධනාශක වික්ක කඳපොල වෙළෙන්දා මාට්ටු

by sachintha
February 26, 2024 1:00 am 0 comment

තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද මිනිස් සිරුරට අහිතකර නීති විරෝධී පළිබෝධනාශක අලෙවි කරමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (24) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත කඳපොළ පොලිස් වසමේ, පොස්ට්වුඩ් කොටස, කොට්ලෝජ්, ප්‍රදේශයේ පිහිටි කෘෂි අලෙවිසැළක වැටලීමක් සිදුකර ඇත.

එහි දී තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කිරීම, අනවසරයෙන් පළිබෝධනාශක ගබඩා කිරීම හා අලෙවියට සුදානම් කර තැබීම යන වරද සම්බන්ධයෙන් කොට්ලොජ්, කඳපොළ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක පුද්ගලයකු CARBO FURAN (කුරේටර්) කිලෝ 13, ග්‍රෑම් 955ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නුවරඑළිය නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය නුවරඑළිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේධ ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කාර්ය බළකාය නුවරඑළිය කඳවුරේ අණදෙන නිලධාරී උප පොලිස් පරික්ෂක එස්.එන්. උඩුකුඹුර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් හා කඳපොළ කෘෂිකර්ම උපදේශක නිලධාරිනිය සමඟ ඒකාබද්ධව මෙම වැටලීම සිදුකර තිබේ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT