බන්ධනාගාරගත රැඳවූවන්ගේ ඇසේ සුද ඉවත් කිරීමේ අක්ෂි ශල්‍ය කඳවුරක් වැලිකඩ බන්ධනාගාර රෝහල් පරිශ්‍රයේදී පසුගිය 23 වැනිදා සිදු කෙරිණි.
රැඳවූවන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව තෙවන වරටත් පවත්වන ලද මේ අක්ෂි කඳවුරේදී රැඳවූවන් 50 දෙනකුගේ ඇසේ සුද ඉවත් කිරීම අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍ය එම්. ඩී. එස්. ගුණතිලක මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන් ජාතික අක්ෂි රෝහලේ හෙද කාර්ය මණ්ඩලය සහයෝගයෙන් සිදු කරනු ලැබීය.
මේ අවස්ථාවට වැඩ බලන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්/සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සුදත් ධර්මරත්න, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, ජාතික අක්ෂි රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය මොනිකා විජේරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ (බන්ධනාගාර සෞඛ්‍ය සේවා) වෛද්‍ය හේමන්ත රණසිංහ, බන්ධනාගාර රෝහල් ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ගයනි තිස්කුමාර මහත්ම මහත්මීන් ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද, වෛද්‍යවරු ද සහභාගී වූහ.
බුද්ධිකා ඉඹුලාන